එයාර්ඒෂියා කොළඹ-බැංකොක් ගුවන් ගමන් අරඹයි | දිනමිණ

එයාර්ඒෂියා කොළඹ-බැංකොක් ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ කොළඹ සහ තායිලන්තයේ අග නගරය වන බැංකොක් අතර ගුවන් ගමන් අරඹමින් එයාර් ඒෂියා දකුණු ආසියානු ආවරණය තවත් පුළුල් කරයි. සතිපතා වාර හතරක් ගමන් ගන්නා මෙම ගුවන් සේවය 2018 දෙසැම්බර් 14 වෙනි දින ආරම්භ කිරීමට නියමිත යි. එක් දිශාවක තායි ඒෂියා (ගුවන් යානා සංකේතය FD) මගින් මෙහෙයවන බැංකොක් බලා ගමන් කරන මෙම සෘජු ගුවන් සේවාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සමග එයාර් ඒෂියා සමූහය ඇති කර ගත් දෙවෙනි සම්බන්ධතාවය වේ. දැනට කොළඹ සිට මැලේසියාවේ කුලාර් රම්පූර් නගරය දක්වා ගුවන් සේවාවක් (ගුවන් යානා සංකේතය AK) ක්‍රියාත්මක වේ.

මෙම සුවිශේෂි ගුවන් ගාස්තුව එයාර්ඒෂියා බිග් ලෝයල්ටි සාමාජිකයන් සදහා පමණක් ලබා දෙන අතර රු. 13,999 ක් වැනි අවම ගාස්තුවක් යටතේ www.airasia.com වෙබ් අඩවිය හරහා 2018 ඔක්තෝම්බර් 22 වෙනි දා සිට 2018 නොවැම්බර් 4 වෙනි දා දක්වා 2018 දෙසැම්බර් 14 වෙනි දා සිට 2019 මාර්තු 29 වෙනි දා දක්වා වූ සංචාරයන් සදහා ටිකට්පත් මිලදී ගත හැකි ය. එයාර් ඒෂියා සාමාජිකයින් නොවන ගනුදෙනුකරුවන්ට රු.14,199* ක් වැනි මිලකට මෙම සේවාව ලබා ගත හැකි ය.

නව අදහස දක්වන්න