තිඹිල්ල වැවේ ජල කාන්දුවට හමුදා සහායෙන් ක්ෂණික පිළියම් | දිනමිණ

තිඹිල්ල වැවේ ජල කාන්දුවට හමුදා සහායෙන් ක්ෂණික පිළියම්

සිදුවීමට ගිය මහා විනාශයක් නවතා ගනී

හලාවත ජයබිම තිඹිල්ල වැවේ වැඩි ජලය පිටතට යවන තැලවිල්ලට පසුගිය සිකුරාදා (9දා) දහවල් සිදුවු හානියට යුද හමුදා සහායෙන් අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් නතර කර ගත් බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කිය.

කරවිට යෝධ ඇළ වාර් මාර්ග ක්‍රමයේ අවසන් වැව වන තිඹිල්ල වැව අක්කර දහසකට ආසන්න විශාලත්වයක් ගනී. එහි තැලවිල්ල යටින් පිපිරුමක් ඇති වී උදෑසන සිට ජල කාන්දුවක් සිදුවන බව දැන ගත් යායේ ගොවීන් ඒ බව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන් පසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් පිරිසක් වැවේ හානි ස්ථානයට පැමිණ නිරීක්ෂණය කර ඇත.

අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා 14 වන බළසේනාව බාර වයඹ පළාත් බ්‍රිගේඩියර් ධම්මික දිසානයක මහතා ප්‍රමුඛ හමුදා සාමාජිකයන් එම ස්ථානයට පැමිණ ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව ද නොතකා වැලි පිරවු පෝර උර යොදා හානිවු ස්ථානය ප්‍රතිසංස්කරණය කර ජලය පිටතට ගලා යාම නතර කර ඇත.

මුන්නේශ්වරම සමුහ ඊ. සී. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න