අමෙරිකාවට එන සංක්‍රමණිකයන්ට ට්‍රම්ප් දොරටු වසයි | දිනමිණ

අමෙරිකාවට එන සංක්‍රමණිකයන්ට ට්‍රම්ප් දොරටු වසයි

නීති විරෝධි ලෙස දේශසීමා හරහා අමෙරිකාවට ඇතුළු වන සංක්‍රමණිකයන්ට සරණාගතභාවය ඉල්ලා සිටීමේ අයිතිය තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.

එරට අධිකරණ සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම විධායක නියෝගය කඩකරමින් අමෙරිකාවට ඇතුළුවන කිසිවකුටත් සරණාගතභාවය හිමි නොවන බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ සරණාගතයන් පැමිණීම වැළැක්වීම ජාතික අභිලාසයක් ලෙස සලකන බවකි.

මේ අතර මෙක්සිකෝ දේශසීමාව ආසන්නයට හමුදා භට කණ්ඩායම් යෙදවීමට ද ජනාධිපති ට්‍රම්ප් නියෝග කර තිබේ.

 

නව අදහස දක්වන්න