අප කුඩාකල අත්දැක්ක ගැමි ජීවිතය ඉඳුරාම වෙනස්වී ඇත. ගහ කොළ ඇළ දොළ සමඟ බැඳී පැවතුනු ගැමි ජීවිතය කණපිට පෙරළී ඇත.
අපගේ නෑදෑ පරම්පරාද දැන් බොහෝ දෙනෙකු අප අතහැර ගොස් ඇති අතර පරම්පරා ගණනාවක දූ දරුවන් බිහිවී තිබේ.
පුංචි අවධියේ අපට මතක සිටිනා අයුරෙන් අප අත් දැක්කේ අපේ ආත්තම්මා පරිසරයෙන් සොයාගත් පන් ගස් ආදිය වේලා වර්ණ කර රාත්‍රී කාලයේ භූමිතෙල් ලාම්පුවක් දල්වා ගෙත්තම් කරනා අපූරු පැදුරකි.
එහෙත් අද තත්ත්වය ඉතා ශෝචනීයය. අද දවසේ පන් පැදුරු අහල පහළ කිසිදු ගෙදරක දක්නට නැත. පැදුරක් බලා ගැනීමට නම් සංචාරක හෝටලයකට යායුතුය. අලංකාර පැදුරු, කුල්ලවල් වංගෙඩි ආදිය නිශ්ඵල ද්‍රව්‍ය බවට පත්වී නිහඬව බලා හිඳී.
සියලුම බහු භාණ්ඩ ප්ලාස්ටික් බවට පරිවර්තනය වී තිබේ. ළිඳට දාන පනිට්ටුවේ සිට මල් පෝච්චිය දක්වා සියල්ල ප්ලාස්ටික් බවට පරිවර්තනය වී තිබේ.
ජනතාව එදා පොලිතින් මාරයා එළවා දැමීමට දැරූ වෙහෙසට නොදෙවෙන් වෙහෙසක් ප්ලාස්ටික් සතුරා වෙනුවෙන් දිනෙක දැරීමට සිදුවනවා නොඅනුමානය.
චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය
නව අදහස දක්වන්න