27වනදා අයිෆල් වෙන්දේසියේ | දිනමිණ

27වනදා අයිෆල් වෙන්දේසියේ

ප්‍රංශයේ අයිෆල් කුළුණේ කොටසක් වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙසේ ඉදිරිපත් කර ඇත්තේ, පඩිපෙලක කොටසකි. මීටර 4.3ක උසකින් යුත් මෙම කොටස අයිෆල් කුළුණේ දෙවැනි මහලේ සිට තුන්වැනි මහල දක්වා තිබූ පඩිපෙලේ කොටසකි. 1983 වසරේ කුළුණේ උත්තෝලකයක් සවි කිරීමෙන් අනතුරුව, මෙම පඩිපෙල ඉවත් කර තිබේ.
 
ඉන්පසුව, එම වසරේ දෙසැම්බර් මාසයේ සම්පූර්ණ පඩිපෙල කොටස් 24කට වෙන්කර වෙන්දේසි කර තිබේ. පුද්ගලික ගැණුම්කරුවෙකු විසින් මිල දී ගනු ලැබූ කොටසක් මෙසේ නැවත වෙන්දේසියට තබා ඇති බව සදහන් වේ.
 
වෙන්දේසිකරුවන් විසින් පසුගියදා වෙන්දේසියට තැබෙන මෙම කොටස ප්‍රංශයේ පැරිස් නුවර සවි කරනු ලැබීය. 
 
මෙයට තබා ඇති ආරම්භක ලන්සුව වන්නේ අමෙරිකානු ඩොලර් 68,000කි. වෙන්දේසිය ලබන 27 වැනිදා පැවැත්වේ.

නව අදහස දක්වන්න