ශ්‍රී ලංකාවට අඛණ්ඩව අධාර දෙන බවට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක් | දිනමිණ

ශ්‍රී ලංකාවට අඛණ්ඩව අධාර දෙන බවට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.
 
ආසියා ශාන්තිකර කටයුතු භාර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කළේය.
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන එමිලි තෝන්බරී මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
 
ශ්‍රී ලංකාවට පවුම් මිලියන 7.9ක අරමුදල් ලබාදීමට කටයුතු කරන බව ඔහු සදහන් කර ඇත. විශේෂයෙන් 2016, 2019 යන කාලසීමාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
 
පැවති දීර්ඝ කාලීන යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ඉදිකිරීම් කටයුතු රට ගොඩනැගීම සදහා සහාය ලබාදෙන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත. ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය රැකීම මානව හිමිකම් තත්ත්වය සහ සංහිදියාව පසුබිම් කරගෙන මෙම ආධාර මුදල් ලබා දෙයි. 
 
මීට අමතරව තවත් පවුම් මිලියන එකක අරමුදල් ප්‍රමාණයක් උතුරු - නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සදහා ලබා දුන් බවද සදහන් වේ. 

අදහස් 1ක් ඇත

විදේශයන්ගෙන් ආධාර ලබාගත් විට ඔවුන්ගේ බලපෑමට ලක්වේ. ඔවුන්ගේ මිනුම් දඬු වලට අනුව ඊනියා සංවර්ධිත රටක් බවට පත් වීමේ අවශ්‍යතාවක් නොමැත. විදේශයන් මත යැපීම නවතා හෙමින් හෙමින් ස්වාධීන වෙමු. පරගැති නැඹුරුව නවතමු. අවශ්‍යතා අඩු කරගෙන සතුටින් ජීවත් වෙමු.

නව අදහස දක්වන්න