රාජ්‍ය දේපොළ අවභාවිත කළැයි රනිල්ට එරෙහිව එෆ්සීඅයිඩීයට පැමිණිලි | දිනමිණ

රාජ්‍ය දේපොළ අවභාවිත කළැයි රනිල්ට එරෙහිව එෆ්සීඅයිඩීයට පැමිණිලි

විජයානි එදිරිසිංහ

රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය දේපොළ අවභාවිත කරන බවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දේපොළ අවභාවිත කරන්නේ යැයි මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

හිමිවරුන්තිදෙනකු මිට දින දෙකකට ඉහත දී ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ උපදෙස් ඉල්ලා මූල්‍ය අපරාධ කොට්ඨාසය එම පැමිණිල්ල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබා දී ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

නව අදහස දක්වන්න