අගමැතිකම ගන්නැයි ජනපති කීවා | දිනමිණ

අගමැතිකම ගන්නැයි ජනපති කීවා

තමාට අගමැති ධූරය බාරගන්නැයි ජනාධිපතිවරයා පැවැසූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්නැයි ජනාධිපතිවරයා ආරාධනා කළ ද, නායකතුමා සමඟ හැප්පෙන්නට නොහැකි යැයි ජනපතිවරයාට තමා පැවැසූ බව පෙරේදා (7) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු අැසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. යහපාලන ආණ්ඩුව බලයට පත් වූයේ සම්මුතිවාදය, එකමුතු බව සහ යහපාලනය ක්‍රියාත්මක කිරීමට බවත්, තමන්ගේ අරමුණ වූයේ ජනපති සහ අගමැති එකට එකතු කර ගෙන ගමනක් යාම බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දේශපාලයේ දී කටයුතු කළ යුත්තේ විධිමත් වැඩ පිළිවෙළක් යටතේ බවද, සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...