රටේ සියලු අංශවල ශක්තිමත් පැවැත්මත්, ජාතික සම්පත් විදේශීය කරණය කිරීම වැළැක්වීම සඳහාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති මෙම නව දේශපාලන වැඩපිළිවෙළ ඉතා නිවැරැදි බව රුසියාවේ සිටින ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.....ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් දේශපාලන ක්‍රියා මාර්ගය ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ පැවැත්ම උදෙසායි. ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගය මගින් මේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම වහා නවතාලීමට හැකිවුණා. 19වැනි සංශෝධනයක් ගෙනාවා කියා තිබෙන ව්‍යවස්ථාව උඩුකුරු යටිකුරු කර නැහැ. මේ බොරුවක් කරන්නෙ. ඇයි මේ ගොල්ලො බය මහජන ඡන්දයට. සියලු දෙනාට එකතු වී කියන්න පුළුවන් මැතිවරණයක් වාහම පැවැත්විය යුතුයි කියලා. ඇයි මේක අල්ලාගෙන ඉන්නෙ. මම ජනාධිපතිතුමාට කියන්නෙ ජනමත විචාරණයක් පැවැත්විය හැකි බව ඔය ව්‍යවස්ථාවෙම තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඔය ආකාරයෙන් දඟලන විට ඒ ඔළුගෙඩි උඩින් ගොස් ස්වෛරීව ජනතාවගෙන් අහන්න ඕනෙ මොකක්ද කරන්න ඕනෙ කියා. ඇයි දැන් ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න වුණේ. මේ අය-වැයට කලින් මැදිහත් වුනේ නැත්නම් මත්තල, ත්‍රිකුණාමල තෙල් ටැංකි, එම නගරය, ත්‍රිකුණාමල මන්නාරම පාර, පළාලි ගුවන් තොටුපොළ, කොළඹ නැගෙනහිර ජැටිය දීල දානවා විදේශිකයන්ට. රනිල් වික්‍රමසිංහ මහතා ඒවාට අත්සන් කර පැමිණියේ. මේ දේවල් අවසාන මොහොතේ කරන්න සිටියේ.
මෙවර අය-වැය ඔවුන් ඉදිරිපත් කළා නම් රටට මේ විනාශය සිදුවෙනවා. මිනිස්සුන්ගේ හා ව්‍යාපාරවල පැවැත්ම පිළිබඳ ගැටලුවක් ඇතිවුණා. ගොවිජනතාවගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න තිබුණා. සෑම අංශයකම පැවැත්ම පිළිබඳ ගැටලුවක් තිබුණා නම් මොනවාද මේ අය කතා කරන්නේ මොනවා කරන්නත් රටක පැවැත්මක් තිබිය යුතුයි. මංගල සමරවීරගෙ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය, රුපියල කඩා වැටීම සෑම දෙයටම බදු ගැසීම.
මේ ක්‍රමය තුළ මිනිසුන්ට එදිනෙදා ජීවත්වීමේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ප්රජාතන්ත්රවාදය නොවේ මොකක් තියෙන්නත් රටක පැවැත්මක් තියෙන්න ඕනේ. එම පැවැත්ම ඇති කරගන්න තමයි ජනාධිපතිවරයා මේ රට වෙනුවෙන් මේ මැදිහත්වීම සිදු කළේ. එමෙන්ම ත්රස්තවාදීන්ගෙන් රට බේරාදුන් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ලෙස පත්කළේ.
දැන් යුද්ධයේදී රටට නායකත්වය දුන් සියලු දෙනා එකට එක්වෙලා අනෙක් පැත්තේ සිටින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එක්ක සාම ගිවිසුම් ගහපු යුද්ධය දිනන්න බැහැ කියපු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසයි. ජනාධිපතිවරයාගේ මේ තීරණය ඉතාම නිවැරැදියි.
අදහස් 1ක් ඇත
රටේ සංස්කෘතියද බටහිරකරණයෙන් මුදා ගැනීමට
නව අදහස දක්වන්න