විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය ජනාධිපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය ජනාධිපති ප්‍රධානත්වයෙන්

උතුරු-නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිව් වන වරටත් ඊයේ(8) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද, උතුරු, නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...