අනවසර විදුලි රැහැනේ පැටලී 11 හැවිරිදි දරුවා මරුට | දිනමිණ

අනවසර විදුලි රැහැනේ පැටලී 11 හැවිරිදි දරුවා මරුට

අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අවුරුදු 11ක් වයසැති දරුවකුට විදුලි සර වැදී මිය යෑමේ සිද්ධියක් තඹුත්තේගම මල්වානේගම ඒරියාගම ප‍්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මල්වානේගම ඒරියාගම පදිංචි වර්ණකුල ආරච්චිගේ ජනක පුෂ්ප කුමාර (11) නමැති දරුවෙකි.

පරීක්ෂණ කටයුතු තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්. ජේ. අතුකෝරාල මහතාගේ උපදෙස් ඇතිව කොස්තාපල් රණසිංහ මහතා විසින් සිදු කරන ලදී.

තඹුත්තේගම සමූහ

නව අදහස දක්වන්න