රැජනගේ හැපුණු සද්දන්තයාට අසාධ්‍යයි | දිනමිණ

රැජනගේ හැපුණු සද්දන්තයාට අසාධ්‍යයි

උතුරු දුම්රිය මාර්ගයේ ගැටදිවුල රක්ෂිතය ආසන්නයේදී තවත් සද්දන්තයෙකු ඊයේ (8) උදෑසන දුම්රියේ වැදීමෙන් මරණාසන්න තුවාල ලබා තිබේ. ඉතා පෘෂ්ටිමත් දේහයකින් යුත් වයස අවුරුදු හතළිහක් පමණ වන මේ සද්දන්තයා තවත් වල් අලි රංචුවක් සමඟ මී ඔය ආසන්නයේ සිට ගැටදිවුල රක්ෂිතයට පැන ගැනීම සඳහා දුම්රිය මාර්ගය මාර්ගය හරහා යාමට උත්සාහ දරා ඇති අතර ඒ මොහොතේ උදෑසන 6.20ට පමණ ඕමන්තේ සිට මාතර බලා යන රජරට රැජන දුම්රියේ වැදී තිබේ. සිද්ධිය සැල වු වහාම ගල්ගමුව වනජීවි කාර්යාලයේ ප්‍රධාන අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රෝහිත මහතා, වන සත්ව නියාමක වසන්ත අතපත්තු මහතා ඇතුළු නිලධාරින් එම ස්ථානයට පැමිණි අතර නිකවැරටිය වන ජීවි පශු වෛද්‍ය නිලධාරි ඉසුරු හේවාකෝට්ටගේ මහතා ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන ලදී. මේ ස්ථානය වල් අලි මාරු වන තැනක් වන අතර මීට පෙර 2015 දී වල් අලි තිදෙනකු වැදී මිය ගිය අතර ඉකුත් වසරේ මාස තුනක පමණ කුඩා පැටවෙක් ද දුම්රියට බිලි විය. එමෙන්ම ඉකුත් දා තවත් වල් අලි දෙන්නෙක් ගල්ගමුව අඹන්පොල දුම්රිය ස්ථාන දෙක අතර 36 කණුව ආසන්නයේ දී රාත්‍රි තැපැල් දුම්රියේ වැදී ජීවිතක්ෂයට පත් වූහ.

ගල්ගමුව සමූහ හා අඹන්පොල විශේෂ

නව අදහස දක්වන්න