ආණ්ඩුවට අභියෝග කරන්නේ නම් මහජන මතය උරගා බලන්න සූදානම් | දිනමිණ

ආණ්ඩුවට අභියෝග කරන්නේ නම් මහජන මතය උරගා බලන්න සූදානම්

ධනුෂ්ක ගොඩකුඹුර
චමීර ඇල්ලදෙණිය

විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරන්නේ නම් ඕනෑම අවස්ථාවක මහජන මතය උරගා බැලීමට සූදානම් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධී යැයි කියමින් ජනතාවට අසත්‍ය ප්‍රකාශ නොකර විපක්ෂයේ ඕනෑම කෙනෙකුට අධිකරණයට යා හැකි බවත්, අධිකරණයෙන් ලබාදෙන ඕනෑම තීරණයකට අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටින බවත් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දුන්නනේය.

අගමැති කාර්යාලයේ ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා ජනාධිපතිවරයා නිකුත් කරන ගැසට් පත්‍රයට වැඩ කිරීමට රාජ්‍ය සේවකයන් බැඳී සිටින බවද කීය.

ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී ගැසට් පත්‍රය අනුව ආසන සකස් කරන බව කී ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ නීති රීති වලට හා සම්ප්‍රදායන්ට අභියෝග කරන අවස්ථාවක මහජන මත උරගා බැලීමට ආණ්ඩුව සූදානම් බවද කීවේය.


නව අදහස දක්වන්න

Or log in with...