එංගලන්තයට ලකුණූ 211ක ජයක් | දිනමිණ

එංගලන්තයට ලකුණූ 211ක ජයක්

ශ්‍රී ලංකාව සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 211 ක ජයක් ලබාගැනීමට එංගලන්තය අද(09) සමත්විය. 
 
ලකුණු 462ක ඉලක්කයක් දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාවට හිමිවුණි. 
 
කෙසේවෙතත් ඔවුන්ට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 250 ක් පමණි. 
 
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 203ක් රැස් කළේය. 
 
දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 322 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබීය. 
 
එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බදාදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න