කන්ටේ­නර් යකඩ සහ වානේ­ව­ලින් ගොඩ­නැ­ඟිලි | දිනමිණ

කන්ටේ­නර් යකඩ සහ වානේ­ව­ලින් ගොඩ­නැ­ඟිලි

කන්ටේනර්, යකඩ සහ වානේ භාවිතයෙන් අඩු වියදමකින්, දිගු කල් පැවැත්මකින්, ඉහළ ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුත් නිර්මාණශීලී ගොඩනැඟිලි ඉදිකරන, ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ඩිසයින් කන්ටේනර්ස් පෞද්ගලික සමාගමේ නවතම කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය අංක 15/A, සමඟි මාවත, පිළියන්දළ ලිපිනයේ දී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත විය. කන්ටේනර් භාවිත කර නිවාස, කාර්යාල, ප්‍රදර්ශනාගාර, අවන්හල්, හෝටල්, විලා ආදී විවිධ ගොඩනැඟිලි වර්ග ඉදිකරන ඩිසයින් කන්ටේනර්ස් නව කාර්යාලයට පැමිණෙන ඔබට මේ නවතම ඉදිකිරීම් පිළිබඳ සියලු විස්තර ලබා ගත හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සහ ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගන්නා ඩිසයින් කන්ටේනර්ස් සමාගමේ (www.designcontainers.lk) නිර්මාතෘවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන, යකඩ හා වානේ ඉදිකිරීම් පිළිබඳ සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල විශේෂ පුහුණුවක් ලැබූ ධනුෂ්ක මාලදෙණිය මහතා මෙසේ පැවැසීය.

‘ කන්ටේනර්, යකඩ හා වානේ යොදාගෙන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ දී විවිධ අමුද්‍රව්‍ය යොදා ගන්න පුළුවන්. ගොඩනඟිල්ලේ ඇතුළත විවිධ ක්‍රමවලට නිර්මාණය කරන්න පුළුවන්. ජනෙල් සහ දොරවල් සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය, පොළොවට දාන කාපට් වර්ග, සිවිලිම සකසන ආකාරය, බිත්ති සකසන ආකාරය, විදුලි බල්බ දාන ආකාරය, වර්ණ භාවිත කරන ආකාරය පිළිබ සියලුම තොරතුරු අපේ නව කාර්යාලය සතුයි. අපි මේ සියලු ක්‍රමවලට ආදර්ශ ඉදිකිරීම් කාර්යාල පරිශ්‍රයේ සකසා තිබෙනවා. පාරිභෝගිකයන්ට මේ සියල්ල ප්‍රායෝගිකව පරික්ෂා කර බලා තමන්ට අවශ්‍ය ක්‍රමය තෝරා ගත හැකියි. ඒ අනුව ඔවුන්ගේ ගොඩනැඟිල්ල නිර්මාණය කිරීමේ වගකීම අප ආයතනය බාර ගන්නවා. මෙතෙක් කලක් අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන්ට සහ අපගේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි.‘ අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් සපයන කාර්ය මණ්ඩලයකින් සමන්විත ඩිසයින් කන්ටේනර්ස් සමාගම ඔබගේ ඉදිකිරීම් අවශ්‍යතා නව සියවසට ගැළපෙන සේ නව මෝස්තරවලින් සමන්විතව සිදු කිරීමට නිරන්තරව කැප වී සිටියි.


නව අදහස දක්වන්න

Or log in with...