සත්ව හිංස­න­යට එරෙහි පෙත්ස­මක් | දිනමිණ

සත්ව හිංස­න­යට එරෙහි පෙත්ස­මක්

රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීම සඳහා සතුන් භාවිතා කිරීමට එරෙහිව, ඔක්තෝබර් 4 දිනට යෙදුණු ලෝක සත්ත්ව දිනයේදී අත්සන් මිලියන 8.3 ක් සහිත .'Forever Against Animal Testing' පෙත්සම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීමට The Body Shop සහ Cruelty Free International කටයුතු කළේ ය. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට සමගාමීව, සතුන් යොදාගෙන පර්යේෂණ සිදුකිරීම සම්බන්ධ ජාත්‍යන්තර නීතිමය රාමුවක් නිර්මාණය කර ගැනීම මෙහි අරමුණ විය. සතුන් භාවිතයෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට විරුද්ධ වූ ප්‍රථම ජාත්‍යන්තර රූපලාවණ්‍ය සමාගම වන The Body Shop සහ, දීර්ඝකාලයක් ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන, සතුන් යොදාගෙන එබඳු පර්යේෂණ සිදුකිරීමට විරුද්ධව ක්‍රියාකරන සංවිධානයක් වන Cruelty Free International වසර 30 කට අධික කාලයක් තිස්සේ ගෙනයන උත්සාහයක තවත් ප්‍රතිඵලයක් ලෙස මේ අත්සන් මිලියන 8.3 එක්රැස් කිරීම සිදුවිය. මේ අරමුණ වෙනුවෙන් මෙතෙක් දියත් කරන ලද දැවැන්තම වැඩසටහන මෙය ලෙස සැලකිය හැකි අතර මෙය සමාගම්, රජයන් හා පුරවැසියන්ට, වගකීම්සහගත පරිභෝජනය සහ නිෂ්පාදනය සහ ඒ සම්බන්ධ අනෙකුත් අංශෙවලට අදාළ එක්සත් ජාතීන්ගේ 12 වැනි තිරසාර සංවර්ධන ඉලක්කය තව දුරටත් පුළුල් කරමින් සත්ත්ව හිංසනයට එරෙහිවීමට ආදර්ශයක් සපයනු ඇත. UN Global Compact හි විධායක අධ්‍යක්ෂිකා ලීස් කින්ගෝ මහත්මිය මේ සම්බන්ධයෙන් The Body Shop සමඟ පැවැති සාකච්ඡාවට සහභාගී වූවාය.

නව අදහස දක්වන්න