සිබා සර­ස­වියේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය උත්කර්ෂවත් ලෙස | දිනමිණ

සිබා සර­ස­වියේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය උත්කර්ෂවත් ලෙස

ශ්‍රී දළදා මාලිගාවේ උසස් අධ්‍යාපන ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය (SIBA Campus) හෙවත් සිබා විශ්වවිද්‍යාලය විසින් සිය සය වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා අති සාර්ථකව සිබා විශ්වවිද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එහි දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශන ශූරී උපාධිධාරීන් හයක්, බෞද්ධ නායකත්වය පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී (විශේෂ) උපාධිධාරීන් විසි එකක්, තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරීන් දහයක්, ශ්‍රාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිධාරීන් විසි හතරක් සහ තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, කළමනාකරණය සහ උපදේශනය යන විෂය ක්ෂේත්‍ර සඳහා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමාධාරීන් පන්සියයකට අධික පිරිසකට අදාළ උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය කරන ලදී.

විසි එක් වැනි ශත වර්ෂයට සාර්ථකව මුහුණ දිය හැකි දැනුමෙන්, කුසලතාවලින් සහ ආකල්පවලින් සපිරි උපාධිධාරීන් රැසක් රටට දායාද කර ඇති සිබා විශ්වවිද්‍යාලය නිදහසේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට සුදුසු පරිසරයකින් සහ සියලු අධ්‍යයන පහසුකම්වලින් මෙන්ම පළපුරුදු කථීකාචාර්ය මණ්ඩලයකින් සමන්විතය. කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, බෞද්ධ අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂාව ආදී විෂය ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා රැසක් සිබා විශ්වවිද්‍යාලය (www.siba.edu.lk) විසින් සාර්ථකව පවත්වනු ලබයි. සිබා විශ්වවිද්‍යාලයේ මණ්ඩපාධිපතිත්වය දරන්නේ කීර්තිමත් අධ්‍යාපන විශේෂඥයකු වන ආචාර්ය උපාලි සේදර මහතාය. මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අති ගෞරවණීය ශ්‍රීමත් මහනායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත්

ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කරමින් ඉදිරියට යන සිබා සරසවිය ආරම්භ කරනු ලැබුවේ 2009 වසරේදීය.


නව අදහස දක්වන්න

Or log in with...