නිවුුණු හැදුණු පිරුණු මිනිසුන් තනන්නට කලාව අත්‍යවශ්‍ය අංගයක් | දිනමිණ

නිවුුණු හැදුණු පිරුණු මිනිසුන් තනන්නට කලාව අත්‍යවශ්‍ය අංගයක්

බෙලිහුල්ඔය සමූහ සමන්තා කංකානම්ගේ

“මිනිස්කම අගයමින් කිසිවෙකුට හිරිහැරයක් නැතිව පිරුණු මිනිසෙක් ලෙස ජීවත්වීමට ආගමේ උගන්වනවා. කලාවත් එහෙමයි.කලාරසය විඳින්න බැරි අය භාරතයේ හඳුන්වන්නේ මිනිසුන් ලෙස ජීවත්වුනත් නොමිනිසුන් ලෙසයි. නිවුනු හැදුණූ පිරුණු මිනිසුන් තනන්නට කලාව අත්‍යවශ්‍ය අංගයක්” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී සෞන්දර්ය විශ්ව විදයා‍ලයේ කථීකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසූවේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති සාහිත්‍ය උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනයට එක්වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්නජිත් මහතා “හැම කෙනෙකුටම කලාව රසවිඳිය හැකියි. සතුන්ට පවා කලාව විඳිය හැකියි. අලිරිද්මයට නටනවා. පෙරහැරේ අලි හේවිසි තාලයට යනවා.සතුන් අතර උසස් මනසක් ඇති මිනිසාට එම රසය වැඩියෙන් තියනවා. එනිසා ලෝකයේ හැමදෙනාම සෞන්දර්යාත්මකව විඳින්නට පුරුදුව සිටිනවා. යනුවෙන් පැවසීය. කලා රස වින්දනය පිළිබඳව අදහස් එක්කළ කථිකාචාර්ය ප්‍රසන්නජිත් මහතා. දොයි දොයි දොයිය බබා දරුනැළවිල්ල අහපු නැති කෙනෙක් නැහැ. ඒකාලෙ ගෙදර ගෘහණිය වූ කාන්තාව මව දරුවන් නැළෙව්වෙ එහෙමයි. ඒත් අද ඒකට එහෙම නෑ අද ගෙදර බුදුන් නොවෙයි ඉන්නේ ඔෆිස් බුදුන්, ඩුබායි බුදුන්. පව්ලෙ දෙතුන් දෙනාම රස්සාවල් කළේ නැත්නම් අද ජීවත්වෙන්න බෑ. රස්සාවල් දෙකක් කරනවා සමහරු. ගෙර ඇවිල්ල ඇඳුම් මහනවා.නැත්නම් රෑ දොළහ වෙනකම් දරුවන්ගේ ගෙදර වැඩ කරනවා.

ඉරටු කපනවා දැන් තියන අධ්යා පන ක්රවමය අනුව පවුලම එකතුවෙළා කළත් කරන්න බෑ. ළමයා බුදි. උදේ වෙන කොට තියනවා අම්මයි තාත්තයි,බාප්පයි, මහප්පයි, පුංචි අම්මයි එකතුවෙලා කරපු වැඩ කොටස. ජීවිතේ පටන් ගන්න තැන ඉඳලා මරණය දක්වා සංගීතය පාවිච්චි කරනවා. මරණයේදී වෙස්සන්තර කියනවා. වන්දනාවෙ යනකොට භක්තිය පුද කරන්න ගයනවා. ශ්රීව පාදෙ යනවිට තුන්සරණෙ කියනවා . ජීවිතේ හැම අවස්ථාවක්ම සංගීතය කලාව රසවින්දනයත් එක්ක බද්ධවී පවතිනවා. අද පවුලේ එකට එකතුවෙලා රසවිඳින්න අවස්ථාව නැතිවෙලා තියනවා. පාන්දර කුස්සියට එන ගෘහණිය උයල පිහලා, තේ හදලා, ලමයි පාසල් යවලා, මනුස්සයත් ඇහැරවලා වැඩට යවලා සාරිය කරේ දානගමන් කාර්යාල වාහනයට දුවලා ගිහින් එල්ලෙනවා යාන්ත්රිේක වෙලා තියෙන්නේ .

සම්ප්‍රදායික ජීවිතේ උඩියටිකුරුවෙලා.අද ගීතයට රූප හදලා. ඒ හදන රූපය ගීතයට සාධාරණක් වෙනවා නම් කමක් නෑ එදා නන්දා මලනිය ගීතය අපි හුඟක් ගැඹුරට රැගෙන ගියා. අද පරිකල්පනය මොටවෙලා. රූප මාධය්‍යයකට අප ගෙනැත් තියනවා. . නවකථාවක් කෙටිකථාවක් බැලුවහම ගුවන් විදුලි නාටකයක් අහුවම වේදිකා නාටකයක් බැලුවාම කොච්චර දේවල් ඉගෙන ගන්නවද? අපේ ජීවිතේ අපි කොච්චර වෙනස් කරගන්නවද? දැන් එහෙම ගීත තියනවද?. සමාජයම කලාවම පරිහානියට ලක්වෙලා . හරසුන් දෑවලින් ඈත්ව රසය සෞන්දර්ය ජීවිතයට එක්කර ගන්න. ජීවිතය විඳියහැකි අනුනුගේ දුකසැපෙහි සතුට. කම්පනය ඇතිවන සංවේදී මිනිසෙකු ලෙසින් සහකම්පනය වියහැකි අනුන්ගේ දුක තේරුම් ගතහැකි කලාව වින්දනය කලහැකි පූර්ණ මිනිසෙකුලෙසින ඔබට ජීවිතය දැකිය හැකියි” යනුවෙන් පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...