මෙන්න නියම බලු වැඩක් | දිනමිණ

මෙන්න නියම බලු වැඩක්

කුරුවිට සමූහ රූපිකා කේ. බණ්ඩාර

බල්ලකු සපා කෑ දරුවකු රෝහල කරා රැගෙන යමින් සිටි මවකට බල්ලාගේ අයිතිකරුවන් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විභාග වූ නඩුව අවසානයේ තුවාලකාරියට රුපියල් 90000ක් වන්දි මුදලක් ගෙවන ලෙසත් වසර දහයක අත්හිට වූ සිරදඬුවම් ලබාදෙන ලෙසත් රත්නපුර අධිකරණය මඟින් නියෝග කරනු ලැබීය.

පහරදීම සම්බන්ධයෙන් වු චෝදනාවට එක් වගඋත්තරකරුවකුට රුපියල් 10000 බැගින් රුපියල් 30000ක් ද, බල්ලකු සපාකෑමේ චෝදනාවට එක් වගඋත්තරකරුවකුට රුපියල් විසිදහස බැගින් රුපියල් 60000ක්ද වශයෙන් මේ වන්දි මුදල් ගෙවීමට නියම විය. කුරුවිට,දෙවිපහල ප්‍රදේශයේදී මෙම සිද්ධිය වී තිබෙන අතර එම අවස්ථාවේ එතැනට පැමිණි දරුවාගේ පියාට ද මෙම පුද්ගලයන් විසින් තර්ජනය කර තිබිණි. කුරුවිට පොලිස් ස්ථානාධිපති පො. ප. ඒ. ඒ. පී. ඒ. කුලතුංග මහතාගේ උපදෙස් මත පො. කො. 42976 පරණගම මහතා නඩුව මෙහෙයවීය.


නව අදහස දක්වන්න

Or log in with...