නව රජයට ශක්තිමත්ව ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවා | දිනමිණ

නව රජයට ශක්තිමත්ව ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවා

අනුර ප්‍රේමලාල්

වත්මන් රජයට පැහැදිලි ජනප්‍රසාදයක් ඇතිවී තිබෙන අතර ශක්තිමත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යෑමේ දැක්මක් තිබෙන බව පරිසර රාජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා ප්‍රකාශ කරයි.

එම නිසා පක්ෂය අතහැර මෙසේ නව රජයට එක්වූ බවද තමන් ඇමැතිධුර බාරගැනීම පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේ වත්මන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය එහිදී වැඩිදුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය. රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ තීන්දුව ව්‍යවස්ථානුකූලවද නැද්ද කියන තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්න අධිකරණයෙන් ඕනෑම අවස්ථාවක හැකියි. ඒ තීරණය විසඳාගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධිකරණයට නොයන එකයි ගැටලුව තියෙන්නේ.

වර්තමානයේ රජයට මේවනවිට අවශ්‍ය ජනතා ශක්තිය ගොඩ නැගිලා තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඇතළු රජයට ජනතාවදුන් පිළිතුර අපි කව්රුත් වින්ඳා. එතැනින් ගොඩනැගුණු තත්ත්වය නිරාකරණය කරන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කණ්ඩායම අවශ්‍ය පියවර ගත්තේ නැහැ කියන ස්ථාවරයේ මම ඉන්නවා. ඒ මත මම විශ්වාස කරනවා හොරුන් ඇල්ලිය යුතුයි කියපු යහපාලන රජය හොරුන් ඇල්ලුවේ නැහැ. ඒ පිළිබඳ ජනතාවගේ විශාල කලකිරීමක් තියෙනවා. ඒ කලකිරීමත් එක්ක යහපාලන රජය සමග අපිට පැහැදිලි ගැටලුවක් තිබුණා. එතකොට ඒ මත ජනාධිපති විකල්ප තීරණයක් ගෙන තියෙනවිට ඒ විකල්ප තීරණය මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් මෙතෙක් පැවැති තත්ත්වය අභිබවා ජනතාව ඊට පෙළ ගැසි සිටිනවා.අල්ලපු හොරෙක් නැහැ. ඒ නිසා යහපාලනය එල්ලකළ දෝෂාරෝපනය යටපත් කරගෙන අද මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තියෙනවා. ඒ වටා රොක්වි තිබෙන ජනප්‍රසාදය හා වැඩපිළිවෙළත් එක්ක පහැදිලි ස්ථාවර තත්ත්වයක් තියෙනවා. බහුතරය මේවන විට නිර්මාණය වෙලා තියෙනවා කියන එකයි මගේ විශ්වාසය. ඒ අනුව 14ද 16ද කියන දිනයක පාර්ලිමේන්තුව රැස්වු විට අවශ්‍ය බහුතරය පෙන්වයි. ඒ තත්ත්වය ශක්තිමත්ව නිර්මාණය වෙලා තියෙනවා.

රටේ ජනාධිපති විසින් අගමැති වෙනස් කළාට මම එක්සත් ජාතික පාක්ෂිකයන් අතරමං නොකර ඔවුන්ගේ වේදනාවන් හඳුනන අයෙක් ලෙස ජනපතිවරයාගේ රජය යටතේ අමත්‍යාංශයකට ඇවිල්ලා ජනතා සේවයක යෙදෙන්න පුළුවන් කියන විශ්වාසය මතයි මම ඉන්නේ.

අදහස් 1ක් ඇත

Muuta Thibune Ranilaya ganan Ganneththan aswenna,Munta Kanda andinda thiyanawane, Paramparawei Thaththagei Nambuwa Kewa, Den allapu Gedara apavithrata Gotta Alla gena Indapan.

නව අදහස දක්වන්න