වුල්ෆ් සාර්ථක අත්දැකීම් නිසා | දිනමිණ

වුල්ෆ් සාර්ථක අත්දැකීම් නිසා

චන්ද්‍ර ශ්‍රී රණසිංහ

ශ්‍රී ලාංකේය පාඨකයා වෙත අපූර්ව කෘති රැසක්ම දායාද කළ චන්ද්‍ර ශ්‍රී රණසිංහ මහතාගේ නවතම කෘතිය, 'ලෙනාඩ් වුල්ෆ්ගේ දින‍‍පොතේ නිල සටහන්' ය. මේ ඒ පිළිබඳ ලේඛකයා සමඟ කළ කතාබහකි.

'ලෙනාඩ් වුල්ෆ්ගේ දින‍‍පොතේ නිල සටහන්' කෘතිය පරිවර්තනය වී‍‍‍මේ මූලබීජය පිළිබඳ කතා කළොත්?

‍‍ලෙනාඩ් වුල්ෆ්ගේ 'Village in the Jungle' කෘතිය බැද්දේගම නමින් ඒ.පී.ගුණරත්න සිංහලට අනුවර්තනය කළා. ඒත් ඒක මුල් කෘති‍‍යේ නියම අනුවාදයක් ‍‍නෙමෙයි. ඒක අනුවර්තනය කරලා තිබු‍‍ණේ සමහර ‍‍කොටස් ඉවත් කරලයි. මං වුල්ෆ්ගෙ බැද්දේගම නවකතා‍‍වේ මුල් කෘතිය ව‍‍ගේ ම, ඒකෙ සිංහල අනුවර්තනය කලින් කියවලා තිබුණත්, ඔහු‍‍ගේ දින‍‍පොත කියවලා බලන්න උනන්දුවක් කවදාකවත් ඇති‍‍වෙලා තිබු‍‍ණේ නැහැ. ඒත්, පසුගිය කා‍‍ලයේ මං ‍‍නොහඳුනන විශ්වවිද්‍යාල මහාචාර්යවර‍‍යෙක් වුණ රුහුණු විශ්වවිද්‍යාල‍‍යේ සිංහල පිළිබඳ ‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහයන් පවසා සිටි‍‍යේ, බැද්දේගම කියන්නේ අ‍‍පොස (උ.පෙළ) සිසුන්ට නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් විධිහට අනුමතව ඇති නිසා, සිසුන්ට ඒ කෘතිය ගැන පෘථුල අව‍‍බෝධයක් ලබා ගැනීමට, ඊට පාදක ‍‍වෙලා ති‍‍යනෙ වුල්ෆ්ගේ දින‍‍පොත පරිවර්තනය කරන්න පුළුවන් නම්, හොඳ බවයි. එ‍‍හමෙ කරන්න පුළුවන් නම්, ඒක ගුරුවරුන්ට ව‍‍ගේ ම සිසුන්ටත් ඉමහත් ප්‍ර‍‍යෝජනයක් අත්වන බවයි. ඒ ගැන පරීක්ෂා කරන්න වුණාට පස්සේ, මේ කටයුත්ත සිසුන්ට විතරක් ‍‍නෙමෙයි, ‍‍පොදු‍‍වේ සිංහල පාඨකයාට ප්‍ර‍‍යෝජනවත් විය හැකි බව ප්‍රත්‍යක්ෂ වුණා. මහාචාර්යවරයා ඉදිරිපත් කළ කාලීන අදහසට අවනත ‍‍වෙලා, පරිවර්තනය කරන්න අතගැසුවා. '‍‍ලෙනාඩ් වුල්ෆ්ගේ දින‍‍පොතේ නිල සටහන්' නමැති ‍‍මේ කෘතිය පරිවර්තනය වු‍‍ණේ, ඒ අනුවයි.

‍‍මේ කෘතියට අන්තර්ගත වෙලා ති‍‍යනේනේ 1808 අ‍‍ගෝස්තු මාස‍‍සේ සිට 1911 මැයි මාසය දක්වා කාලපරාසයක ලියැවුණු දින සටහන්. එහි වැදගත්කම ඔබ දකින්නේ ‍‍කොහොමද?

බැද්දේගම කෘතිය රචනයට මුල්වෙලා තිබු‍‍ණේ, වුල්ෆ් ලියූ මේ දින සටහන් ‍‍පොතේ සිද්ධි සහ අවස්ථා කිව්වොත් නිවැරැදියි. හම්බන්තොට දිස්ත්‍රික් උප දිසාපති හැටියට කටයුතු කළ කාල‍‍යේ දී ඔහු ලියූ මේ දින සටහන් සහ නවකතාව අතර තිබු‍‍ණේ අවි‍‍යෝජනීය සම්බන්ධයක්.

වුල්ෆ් කියන්නේ ලන්ඩන‍‍යේ හිටිය ඉහළ මධ්‍යම පාන්තික යු‍‍දෙව් පවුලකට දාව උපන් අ‍‍යෙක්. ඔහු ඉ‍‍ගෙන ගත්තෙ ‍‍කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල‍‍යෙන්. ඔහු 1904දි ලංකාවට පැමිනු‍‍ණේ ‍‍පෙරදිග සිවිල් ‍‍සේවා පරීක්ෂණ‍‍යෙන් සමත්වෙලා, කැ‍‍ඩෙට් නිලධාරියකු විදිහටයි. මුලින්ම අනුයුක්ත ක‍‍ළේ යාපනය කච්චේරියට. ඔහු එ‍‍හේ යද්දි අර‍‍ගෙන ගිහින් ති‍‍යෙන්නේ ‍‍වෙළුම් 90කින් සමන්විත වුණු ‍‍වෝල්ටයාගේ ග්‍රන්ථ එකතුවක් සහ චාල්ස් නමින් හැඳින්වුණු ‍‍ෆොක්ස්ටෙයර් වර්ග‍‍යේ බලු සුරතලාත් විතරයි. ඔහු ‍‍කෙටි කාලයක් ඇතුළත විවිධ තනතුරු දරමින් කටයුතු කළා. ඔහු පළ කළ සුවි‍‍ශේෂී දක්ෂතා නිසා, 1908 අ‍‍ගොස්තු‍‍වේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය බාර උප දිසාපතිවරයා බවට පත් වුණා. ‍‍මේ දින සටහන් එහි දී රචනා කළ ඒවා. ඔහු එම දිස්ත්‍රික්ක‍‍යේ ප්‍රධාන පරිපා‍‍ලන සහ අධිකරණ නිලධාරියා වශ‍‍යෙන් කටයුතු කළ ආකාරය, එ‍‍සේ කටයුතු කිරී‍‍මේ දී විශද කළ විචක්ෂණ සහ කාර්යශූර බව මැනවින් පිළිබිඹු කරන කදිම කැඩපතක් විදිහටත් මේ කෘතිය වැදගත්.

දින සටහන් සහ බැද්දේගම නවකතාව අතර ඔබ දකින සාම්‍යතා ‍‍මොනවාද?

දිනසටහන්වල එන ‍‍බොහෝ සිදුවීම් ‍‍මේ නවකතාව රචන‍‍යේ දී ‍‍යොදා‍‍ගනෙ ති‍‍බෙනවා. ‍‍මෙහි එන සිදුවීම් නවකතාවට ‍‍යොදා‍‍ගෙන ඇති ආකාරය මඟින්, නවකතාකරුවකු සහ ප්‍රබන්ධකරුවකු විදිහට ඔහු ප්‍රකට කළ දක්ෂතාව, ‍‍මෙහි එන සිද්ධි අධ්‍යයන‍‍යෙන් ‍‍මොනවට පැහැදිලි ‍‍වෙනවා. නවකතාව පටන් ගන්නේ මහ වන‍‍යේ භීෂණ‍‍යෙන්. ඒ, ගූඪ, ගුප්ත බවක් ඇති කරමිනුයි. සැබූ ජීවිත‍‍යේ තථ්‍ය සිද්ධි පදනම් කර‍‍ගෙන සාර්ථක නවකතාවක් බිහි කරන්නේ ‍‍කොහොමද කියන එක, බැද්දේගම නවකතාව මඟින් මනාව පිළිබිඹු කරනවා. වුල්ෆ් තම අත්දැකීම් අනුභූතින් බවට පරිවර්තනය කරලා ඒවා එකාබද්ධව ‍‍ගොඩනැ‍‍ගෙන විදිහට ‍‍පෙළගස්වා කථා වින්‍යාසය සකස් කර‍‍ගෙන ති‍‍යනේ‍‍නේ සූක්ෂ්ම අකාරයටයි. ඒ එක හරියට දක්ෂ මැණික් කපන්නකු දළ රළු මැණිකක් කපා ඔප මට්ටම් කරන්නාක් බඳු ආකාරයකට සම කළ හැකියි.

‍‍මේ දින‍‍පොත සහ බැද්දේගම නවකතාව අතර ති‍‍යනේ‍‍නේ අවි‍‍යෝජනීය සම්බන්ධයක්. ඒක හරියට ගහට ‍‍පොත්ත ව‍‍ගේ. දින‍‍පොත ‍‍හේතුව නම්, නවකතාව ඒ‍‍කෙ පලයක්. ‍‍මේ කෘති ද්විත්වයම දිහා තුලනාත්මකව බලද්දි, නවකතාව රචනයට උත්තේජනය සැපයූ සිද්ධි දින‍‍පොත හාරා බැලී‍‍මෙන් අව‍‍බෝධ කරගන්න පුළුවන්. එවැනි සාම්‍යතා ‍‍බෙ‍‍හො‍‍මෙයක් ම ‍‍මේ දින‍‍පොත තුළ අන්තර්ගතයි.

වි‍‍ශේෂ‍‍යෙන් ම කැපී ‍‍පෙ‍‍නෙන එවැනි සාම්‍යතා පිළිබඳ සඳහන් ක‍‍ළොත්?

‍‍මේ ප්‍රබන්ධයට බැද්දේගම ('Village in the Jungle' )නම ‍‍යොදන්නට ‍‍හේතු‍‍වෙලා ති‍‍යෙන්නේ බැද්දේ පිහිටි ගමක් යන අරුතෙනුයි. එය මාගම් පත්තු‍‍වේ පිහිටි ජන ශූන්‍ය බවට පත් වූ ගමක් වුණ අන්දරවැව බවට සිතාගත හැකි සාධක ‍‍බොහොමයක්ම ති‍‍බෙනවා. දින‍‍පො‍‍තේ 1911 ජනවාරි 13 සටහනේ ඒ බව දැකිය හැකිය. එම ගම ආසනන‍‍යේ බැද්දේ වැව නමින් අතහැර දමූ වැවක් තිබිලා තියෙනවා. බැද්දේගම න‍‍මේ උත්පත්තියට ‍‍මේ සාධක ‍‍ද වුල්ෆ්ට බලපාන්න ඇතුවාට සැකයක් නැහැ.

කතා‍‍වේ ප්‍රධාන චරිතයක් වන බබුන් කියන්නේ කතුවරයාට ආගන්තුක පුද්ගල‍‍යෙක් ‍‍නෙ‍‍මෙයි. හම්බන්තොට දී තමා ඇසුරු කළ දක්ෂ ‍‍වෙඩික්කරුවකු බව 1960 දී ඔහු ලංකාවට පැමිණි අවස්ථා‍‍වේ කර ඇති ප්‍රකාශයකින් ‍‍හෙළි ‍‍‍වෙනවා. ඒ ව‍‍ගේ ම පුංචිරාළ කියන චරිතයත් වුල්ෆ් දැනහඳුනා සිටි පුද්ගලයකු වුණ මීගහජඳු‍‍රේ විදා‍‍නෙ ආරච්චි‍‍ගේ කරත්තකරුවා යි. ‍‍සොරකම ගැන සිලිඳුට සහ බබුන්ට එ‍‍රෙහිව පවරා තිබුණු නඩු විභාග කෙරුණු ආකාරයත්, මිනී මැරුම් ‍‍චෝදනාවට හසු වූ සිලිඳු සිරභාරයට ‍‍ගෙන ඔහුට එ‍‍රෙහි නඩුව විභාග ‍‍කෙරුණු ආකාරයත්, නවකතා‍‍වේ ඉතා තාත්වික ආකාරයට සහ සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න ‍‍මොහුට හැකි‍‍වෙලා ති‍‍යනේ‍‍නේ විනිශ්චයකරුවකු විදිහට උසාවි‍‍යේ දී නඩු ඇසී‍‍මෙන් ඔහු ලැබූ අත්දැකීම් බවට හිතාගන්න පුළුවන්. දින සටහන් සියුම්ව විමර්ශනය කිරී‍‍මෙන් ‍‍මේ ව‍‍ගේ තවත් සාම්‍යතා හඳුනා ගන්න පුළුවන්.

‍‍ලේඛකයකු විදිහට ඔහු සතුව තිබූ ප්‍රතිභා ශක්තිය පිළිබඳ ඔ‍‍බේ අදහස ‍‍කෙබඳුද?

දින‍‍පො‍‍තේ දැක්වෙන වාර්තාමය සිද්ධි උප‍‍යෝගී කර ගනිමින් ඔහු තම කතාව විකාශනය කර ඇති ආකාරය මඟින්, ඔහු ‍‍කෙතරම් ප්‍රතිභාවකින් ‍‍හෙබි පුද්ගලයකුද කියා අපට අව‍‍බෝධ කර ගන්න පුළුවන්. ප්‍රතිභා ශක්ති‍‍යේත්, ධී ශක්ති‍‍යේත් ප්‍රබලත්වය මැනවින් ප්‍රකට කරන අවස්ථා ‍‍බොහොමයක් ම ‍‍මේ කෘති ද්විත්වය සංසන්දනාත්මකව බැලී‍‍මේ දී දැක ගන්න පුළුවන්. උදාහරණයක් වශ‍‍යෙන්, දින‍‍පො‍‍තේ මැද හරි‍‍යේ දක්වා ති‍‍බෙන උග්‍ර නියං සම‍‍යේ යාල අභය භූමි‍‍යේ සතුන්ට විඳින්න වන ‍‍නොයෙකුත් දුක් පීඩා පිළිබඳ දර්ශනය වුල්ෆ් එතැනින් උපුටා‍‍ගෙන, වන‍‍යේ මුලින් එන වර්ණනාවටම එක්කරලා ති‍‍යනේ‍‍නේ වන‍‍යේ බියකරු බව වඩාත් තීව්‍ර කිරීමටයි. ඒ ව‍‍ගේ ම දින‍‍පො‍‍තේ අග භාගයට වන්නට දැක්වෙන පුංචිරාළ‍‍ගේ අතුරුදන් වී‍‍මේ සිද්ධිය ඔහු වන වර්ණනාවටම ඈඳා ති‍‍යෙන්නේ, වනය කියන්නේ මිනිසුන්ට මරණය ගෙන දෙන රුදුරු තැනක් බව හැඟවීමටයි. ඒ ව‍‍ගේ ම ඒ මඟින් පාඨක මන‍‍සේ ඇතිවන හැඟීම් වඩා‍ත් තීව්‍ර කිරීමටයි.

දින‍‍පො‍‍තේ සටහන් කළ සිද්ධි මාලාවකින්, තමන්ට අභිමත ආකාරයට ‍‍තෝරාගත් ඒවා එකට අමුණලා කතා වස්තුවක් නිර්මාණය කර ගැනී‍‍මේ දී, ඔහු අනුගමනය කර ති‍‍බෙන ශිල්පීය ක්‍රම මඟින් විශද කරන්නේ, ඔහු තුළ තිබුණු අපූර්ව ප්‍රතිභාපූර්ණ පරිකල්පන ශක්තියයි.

වුල්ෆ් කියන්නේ, දවසකට බොහෝ කාර්යභාරයක් කළ අපූර්ව නිලධාරියෙක් බව මේ දින සටහන් මගින් පිළිබිඹු වෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

ඔහු දවසකට විවිධ ස්ථානවලට ගිහින් තම රාජකාරි කටයුතු කළ බව සහ එම කටයුතු නිසි පරිදි නිසි වේලාවට කළ කෙනෙක් බව මේ දින සටහන් සාක්ෂි දරනවා. ඔහු, අනෙක් නිලධාරීන් රාමුවට ගැළපිලා, තමන්ගේ රාජකාරි කටයුතු කළ කෙනෙක් නෙමෙයි. ඔහු තුළ තිබුණු කාර්යක්ෂම බව, කැපවීම මේ දින සටහන් මඟින් පැහැදිලිවම පෙනෙනවා.

මේ කෘතිය, එකළ හම්බන්තොට සමාජයේ කැඩපතක් බඳුයි. ඒ ගැන ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?

මෙහි එන සියලු සිද්ධි, කරුණු කාරණා මඟින් හම්බන්තොට එදා තත්ත්වය විනිවිද දකින්න පුළුවන්. සෑම සටහනකින් ම පාහේ මේ බව විද්‍යමාන වෙනවා. ඒ වගේ ම, මේ තුළ නිලධාරිවාදය හොඳින් ම පිළිබිඹු වෙනවා. නිලධාරිවාදය දෙවිධිහකට දකින්න පුළුවන්. එකක් රජයේ ඉහළ දිසාපතිවරයාගෙන් එන බලපෑම. අනෙක ආරච්චිලා, විදානෙ ආරච්චිලා වැනි අයගෙන් ආව නිලධාරිවාදය. සාමාන්‍ය වැසියා සූරාගෙන කමින්, අයුතු විධිහට ධනය රැස් කිරීම එවකට සිදුව තිබෙනවා. අසාධාරණ බදු, යටත්විජිත නිලධාරීන්ගේ සූරාකෑම, කර්කශ දේශගුණය නිසා වූ වගා පාළුව, වන සතුන්ගේ කරදර සහ මැසි මදුරු වසංගත වැනි හැම දෙයක්ම පිළිබඳ මෙහි දැක්වෙනවා.

මේ තරම් දක්ෂ කතුවරයෙක්, ඒ වගේ ම ප්‍රකට ලේඛිකාවක වන වර්ජිනියා වුල්ෆ්ගේ සැමියා වුණ ඔහු, ලේඛන කලාව ඔස්සේ නොයන්න හේතුව මොකක්ද?

ඔහු කාලයත් සමඟ ලේඛන කලාවෙන් දුරස් වුණා, බොහෝ දුරට ඔහු මේ රටින් පිටව ගියාට පස්සේ ලිබරල්වාදී අදහස් දරන අය සමඟ එකතු වීම එයට හේතුව විය හැකියි. එසේ නොවුණා නම්, බිරියගේ සහයත් සමඟ ඔහුට හොඳ ලේඛකයෙක් වෙන්න තිබුණා.

මොහුගේ නිර්මාණ සාර්ථකත්වයට පත්වීමේ රහස විධිහට ඔබ දකින්නේ?

මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ නිර්මාණ සාර්ථක වුණේ අත්දැකීම් බහුල වුණ නිසයි, ඒවා සිය ලේඛන කලාවට යොදාගත් නිසයි. වුල්ෆ් කියන්නෙත් අත්දැකීම් ඇසුරින් නිර්මාණකරණය කළ අයෙක්. ඒ නිසා ම ඔහුගේ නිර්මාණවල ව්‍යාජත්වයක් පිළිබිඹු වුණේ නැහැ. නිර්ව්‍යාජ බව නිරන්තරයෙන් ම විශද වුණා. ඔහුගේ ලේඛන කලාව තාත්විකයි. විශ්වසනීයයි. එහෙම වුණොත් තමයි කතාවක් සාර්ථක වෙන්නේ.

මේ දිනපොත නොලියැවුණා නම්, බැද්දේගම කෘතිය රචනා නොවෙන්න තිබුණා නේද?

ඒ කාලෙ දිනපොත් ලියන එක රජයෙන් ම නියම වුණු දෙයක්. ඒ ලේඛන යටත් විජිතයට යවන්න ඕනැ. ඒ කාලෙ පරිපාලන කටයුතු කළ විදෙස් නිලධාරීන් මේ කටයුතු නියමාකාරයෙන් කළත්, ඔවුන් තුළ සාහිත්‍යාවබෝධය සහ එය නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේ ශඛ්‍යතාව තිබුණේ නැහැ. ඒත්, වුල්ෆ්ට ඒ හැකියාව තිබුණා. ඒ නිසා බැද්දේගම වගේ නිර්මාණ බිහිවුණා.

ඉරෝෂිණී දීපිකා


නව අදහස දක්වන්න

Or log in with...