චීනයේ යකඩ ගැහැනියක් බස් රථයක් ගඟකට පෙරළයි | දිනමිණ

චීනයේ යකඩ ගැහැනියක් බස් රථයක් ගඟකට පෙරළයි

චීනයේ චොන්ග් කින්ග් හි සිදු වූ බස් රථ අනතුර මගී කාන්තාවක් හා රියදුරා අතර සිදු වූ පොර බැදීමක් හේතුවෙන් සිදු වූ බව අනාවරණය වේ.

එම කාන්තාව බස් රථයෙන් බැසීමට නියමිත ස්ථානය පසු වීම හේතුවෙන් පාළම මත ඇය බැස්සවීම රියදුරු ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටුමට මුල් වී තිබේ. එහිදී මගී කාන්තාව රියදුරාට පහර දී ඇති අතර බස් රථය පාලනය කර ගත නොහැකි වීමෙන් එය ගඟට පෙරළී ඇත.

මෙම අනතුරෙන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් විය. අනතුර සිදු වී දිනයේ ඊට හේතුව ලෙස වාර්තා වූයේ විරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් බස්රථයේ ගැටී මෙන් අනතුරුව බස් රථය පාළමෙන් ඉවතට පැන ගඟට පෙරලී ඇති බවයි.

නව අදහස දක්වන්න