අමෙරිකාවට එරෙහි ඉරාන විරෝධතා දැඩි වෙයි | දිනමිණ

අමෙරිකාවට එරෙහි ඉරාන විරෝධතා දැඩි වෙයි

බලශක්ති,නෞකා නිෂ්පාදන,නෞකා ප්‍රවාහන සහ බැංකු ක්ෂේත්‍ර ඉලක්ක කර අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පෙළක් පැනවීමත් සමග ඉරාන ජාතිකයන් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාර මේ වන විට තියුණු මුහුණුවරක් ගෙන තිබේ.

දහස් ගණනක ඉරාන ජාතිකයන් ටෙහෙරාන් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී ට්‍රම්ප් විරෝධී සටන් පාඨ කියමින් අමෙරිකානු ජාතික ධජය ද පුළුස්සා දමා ඇත.

පසුගිය මැයි මාසයේ ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ සම්පූර්ණ ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු ඉරානය කෙරෙහි පනවන දෙවැනි වටයේ සම්බාධක මෙය වේ. මේ පිළිබඳ මාධ්‍ය හමුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ අනාවරණය කළේ රටවල් හා ප්‍රදේශ 8කට අඛණ්ඩව ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරීමට තාවකාලිකව අවසර ලබා දෙන්නේ එම රටවල් හා ප්‍රදේශ ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරීමේ ප්‍රමාණය විශාල වශයෙන් අවම වී ඇති නිසා බවයි.

5වැනි දා සිට ඉරාන පුද්ගලයන් හා ආයතන 700කට පමණ සම්බාධක පනවනු ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ටර්නර් ප්‍රකාශ කළේය.

මේ අතර අමෙරිකාව ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව සිය කණගාටුව පළ කරන බව චීනය ප්‍රකාශ කර තිබේ.

නව අදහස දක්වන්න