හෙට අලුත් විය යුතුමය... | දිනමිණ

හෙට අලුත් විය යුතුමය...

ඉදිරි සැළසුම් නැතිව ලොව පවත්නා කිසිදු ක්ෂේත්‍රයක අභිවෘද්ධිය සාක්ෂාත් කළ නොහැක. විශේෂයෙන් සෑම රටකම ඉදිරි ආර්ථික සැළසුම් කල් වේලා ඇතිව සකස් කරන්නේ එය, රටක සංවර්ධනයෙහිලා වඩාත් අදාළ වන නිසා ය. පහත දැක්වෙන්නේ "ඉදිරි ආර්ථික සැළසුම් කෙසේ විය යුතු ද?" යන්න පිළීබඳ විද්වත් සටහනකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, ඉතිහාසයේ සිට විවිධ පදනම් පැවති අතර ඒවායේ ක්‍රමික විකාශනයක් දැකිය නොහැකි ය. කෘෂිකර්මය පදනම් කර ගත් , ස්වයංපෝෂිත ආර්ථිකයකින් ඇරඹි ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන , යටත් විජිතවාදී යුගයේ දී ආනයන , අපනයන පෙරදැරි කොට ගත් ආර්ථිකයක් බවට පරිවර්තනය විය. නිදහසින් පසු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම පදනම් කර ගත් , විවිධ ක්‍රමවේදයන් ඉදිරිපත් වූ අතර දේශීය අභිමුඛ හා විදේශීය අභිමුඛ වීම අතර දෝලනය වීමත්, කාලයක් සමඟ සිදු විය. එහි උච්චතම ප්‍රතිඑල වශයෙන් 1970-1977 යුගය, ආනයන ආදේශනය පෙරදැරි කොට ගත් දේශීය අභිමුඛ වූ ආර්ථික ප්‍රතිපත්තිවලට නැඹුරු වූ අතර 1978 සිට, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී. 1994 න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තියට , මානව මුහුණුවරක් ලබා දීමට උත්සහ කළ අතර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ රාජ්‍ය ව්‍යවසාහකයින් වර්ධනය කිරීමට 2004 - 2015 කාලය තුළ දී උත්සහ දරණ ලදී.

2015 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික රාමුවක් ගොඩනැගිය යුතු බවට, අපේක්ෂා කරන ලදී. මේ කවර ආර්ථික යුගයක දී වුව ද ලංකාව දියුණු කිරීමට අත්‍යවශය වන , ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි, අවධානය යොමු නොවීම, හේතුකොට ගෙන වර්තමාන ආර්ථිත තත්ත්වය , මෙරටට උදා වී ඇත.

දියුණු වූ රටවල අත්දෑකීම් සහ නැගෙනහිර ආසියාතික රටවල මෑත කාලයේ පිබිදීම, අලුතින් මතු වෙමින් පවතින ආර්ථිකයන්ගේ ප්‍රගමනය මෙන් ම ශ්‍රී ලංකාවේ ඉහතින් දැක් වූ විකාශනය ද සැළකිල්ලට ගෙන අනාගත ශ්‍රී ලංකා ආර්ථිකය කෙබඳු විය යුතු ද යන්න විමර්ශනය කළ යුතු ය. ඒ අනුව මෙරට දියුණු කිරීමට අත්‍යවශ්‍ය , අංශ 05 ක් පහත සේ හඳුනා ගත හැකි ය.

1- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

2- සහන සහ සානුබල තර්කානූකූල කිරීම.

3- අපනයන ප්‍රවර්ධනය කිරීම.

‍4- උපාය මාර්ගික සැළසුම්කරණය .

5- ජාත්‍යන්තර සබඳතා ජාලගත වීම් හා සම්පත් භාවිතා කිරීම.

නව අදහස දක්වන්න