උල්හිටිය ජලාශයේ වාන් දොරටු අරියි | දිනමිණ

උල්හිටිය ජලාශයේ වාන් දොරටු අරියි

පුරා දින දෙකක් පවතින අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් ඇත. එබැවින් මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා මහවැලි සී කලාපයේ පදිංචිකරුවන් මහවැලි ගඟ පරිහරණය කිරීම දැඩි අවදානම් සහගත බව මහියංගණ ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පවසයි. දැනටමත් උල්හිටිය ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර ඇති බැවින් උල්හිටිය, දිවුල පැලැස්ස, තෙල්දෙණිය, ප්‍රදේශවල ගංවතුර අවදානමක් පවතින බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ කෝසුව හරහා ද ගමන් කළ නොහැකි වී ඇත.

ඡායාරූපය - මහියංගණ සමූහ සුනිමල් ශ්‍රියානන්ද

නව අදහස දක්වන්න