එංගලන්ත පළමු ඉණිම ලකුණු 342යි | දිනමිණ

එංගලන්ත පළමු ඉණිම ලකුණු 342යි

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. 
 
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ(06) දිනය නිමාවන විට කඩුලු 08 ක් දැවී ලකුණු 321 ලබා ගැනීමට සමත්විය.
 
අද (07)දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ඉණිම ලකුණු 342 කට සීමා විය. සිය පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ බෙන් ෆෝක්ස් පන්දු 202 කදී ලකුණු 107 ක් ලබාගැනීමට සමත්විය.
 
පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 75 කට කඩුලු 5 ක් දවාගන්නා ලදි. සුරංග ලක්මාල් කඩුලු 3 යි. රංගන හේරත් හා අකිල ධනංජය කඩුල්ල බැගින් දවාගත්තේය. 
 
මෙය ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත්ගේ අවසන් තරගය ද වේ. 

නව අදහස දක්වන්න