දීපාවලීයෙන් පසු නවදිල්ලියේ වායු දූෂණ මට්ටම ඉහළ | දිනමිණ

දීපාවලීයෙන් පසු නවදිල්ලියේ වායු දූෂණ මට්ටම ඉහළ

දීපාවලී උත්සවයෙන් පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණ මට්ටම වඩාත් ඉහළ යනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. 
 
නවදිල්ලි නුවර හින්දු බැතිමතුන් දීපාවලී උත්සව සැමරුම් රැසක් සංවිධාන කර තිබේ. දීපාවලී උත්සවයට අදාළ වතාවත් රැසක් සිදු කෙරෙන්නේ එළි මහනේ සිටය.
 
ඒ සදහා ගිනි දැල්වීම, රතිඤ්ඤා දැල්වීම ආදිය වැඩි වශයෙන් සිදු කෙරෙන අතර ඉන් නැගෙන දුමාරය හේතුවෙන් වායු දූෂණ තත්ත්වය ඉහළ යා හැකි බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි. වායු දූෂණය අවම කිරීම සදහා රතිඤ්ඤා දැල්වීම පැය දෙකකට සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කාල සීමාවක් ද පනවා ඇත. 
 
මේ වන විට දිල්ලි නඟරය ආශ්‍රිත වායු දූෂණය මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සීමාව මෙන් 20 ගුණයක් වන බව ඉන්දීය වාර්තා පවසයි.
 

නව අදහස දක්වන්න