මුහුදු මට්ටම ඉහළයාම වේගයෙන් | දිනමිණ

මුහුදු මට්ටම ඉහළයාම වේගයෙන්

ලොවපුරා මුහුදු ජල මට්ටම ඉහළයාම අපේක්ෂා කළ මට්ටමට වඩා වේගයෙන් සිදු වන බව සාගර විද්‍යාඥයන් පෙන්වා දෙයි. එසේම ගොඩබිම ඛාදනයවීම ද වේගවත් වී ඇති බව ඔවුන් අනාවරණය කරයි.

පොසිල ඉන්ධන දහනය හේතුවෙන් හටගත් පාරිසරික අසමතුලිතතාව මේ තත්ත්වයට බලපා ඇති බව එම පර්යේෂණ විද්‍යාඥයන් පෙන්වා දෙයි.

මේ අනුව ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට කඩිනම් කි‍්‍රයාමාර්ග ගත යුතු බවත් එසේ නොවුණහොත් භයානක ප‍්‍රතිඑල භුක්ති විඳීමට සිදු වන බව ද ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

 

නව අදහස දක්වන්න