ෂාරුක්ගේ උපන්දිනයේ මුල් කේක් කෑල්ල ගෞරිට | දිනමිණ

ෂාරුක්ගේ උපන්දිනයේ මුල් කේක් කෑල්ල ගෞරිට

ෂාරුක් ඛාන් 53 වැනි ඡන්ම දිනය අදට(53) යෙදී ඇත. 
 
ඒ අනුව මුම්බායි හි පිහිටි සිය නිවසේදී ෂාරුක් උපන්දින කේක් කපා එය සමරා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
එම අවස්ථාවට ෂාරුක්ගේ පවුලේ උදවිය මෙන්ම හිතවතුන් පිරිසක් ද එක්ව සිටි අතර ඔවුන්ගේ සුබ පැතුම් මත පළමුවෙන්ම ෂාරුක් උපන්දින කේක් කවා ඇත්තේ බිරිද ගෞරි ඛාන් ටයි. 
 
එසේම ෂාරුක්ට සුබ පැතීම සදහා ඔහුගේ සිනමා රසික රසිකාවියන් රැසක් නිවස ඉදිරියට පැමිණ ඇති බව ද වාර්තා වේ. 
 
ඔහු උපන්නේ 1965 නොවැම්බර් 02 දීය. 
 
ෂාරුක් ඛාන් සිය රංගන දිවිය 1980 දශ‍කයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් අතුරින් ආරම්භ කරනු ලබනු අතර ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරනු ලබන්නේ “දීවානා” (Deewana – 1992) චිත්‍රපටියෙනි. එතැන් සිට වාණිජ සිනමාවේ වාණිජ අතින් සාර්ථක චිත්‍රපට ගණනාවක් සඳහා අග්‍රගන්‍ය මෙහෙයක් ඉටුකරමින් සිටිනු ලබන මොහු, ඔහුගේ රංගන කුසලතාවන් සඳහා විචාරක ප්‍රතිචාර රැසක් හිමිකරගෙන ඇත.
 
රාජ්, රාහුල්, අමන් වැනි නාමයන් සිනමාවේ දී ෂාරුක්ට චරිත වෙනුවෙන් ලැබුනු ආදරනීය නාමයන් ලෙස හැදින්විය හැකිය.
 

නව අදහස දක්වන්න