ප්ලේන්ටියක සහ දිවා ආහාර පැකට් එකක මිල පහලට | දිනමිණ

ප්ලේන්ටියක සහ දිවා ආහාර පැකට් එකක මිල පහලට

ආහාර පැකැට්ටුවක මිල රුපියල් 10කින් හා ප්ලේන්ටියක මිල රුපියිල් 05කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් තීරණය කළ බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.
 
එම සංගමය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.
 
“පසුගිය  27  වෙනි  දින  නව  අග්‍රාමාත්‍යවරයා  පත්වීම  නිමිත්තෙන් අප සංගමය  විසින් ආහාර පැකැට්ටුවක මිළ රු.10/- කින් හා ප්ලේන්ටියක මිළ රු.5/- කින් අඩු කරන ලදී. එය  රට  තුළ  ජනගත  කර  ඔබට  ප්‍රණාමය  පුද  කරන  අතර,  ඊයේ  දිනයේදී අග්‍රාමාත්‍යවරයා විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිළ පහත හෙලු අතර එහිදී සීනි සඳහා රු.10/- ක මුදලක් අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදිය යුතුය. එබැවින් ලංකාව පුරා ඇති සියලූ හෝටල්වල ප්ලේන්ටියක උපරිම මිළ රු.15/- ක් වන අතර දිවා ආහාර පැකැට්ටුවක (මාලූ) උපරිම මිළ. 130/- ලෙස අලෙවි කල යුතු බවට අප විසින් උපදෙස්  දී  ඇතත්  මේ  වන  තුරුත්  සමහර  ආපනශාලා  එහි  වාසිය  පාරිභෝගිකයාට නොදෙන බැවින් මේ සම්බන්ධව වැඩි මිළට විකුණන ආපන ශාලා පිළිබඳ අප සංගමය වෙත දැනුම් දෙන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටීමට අපි තීරණය කළෙමු. 
 
තවද පාරිභෝගික  අධිකාරියේ  සභාපතිවරයෙකු  පත්වූ  විගස  නීතියක්  හැටියට  ගැසට්  කරනු ඇතැයි  අප  බලාපොරොත්තු  වන  අතර  රජය  විසින්  යම්  සහනයක්  ලබා  දුන් මොහොතක  කලූ  කඩහිමියාට  එහි  වාසිය  ලබාගත  නොහැකි  අතර  දෙකෝටියක් ජනතාවගේ එම  සහනය  ලබා දිය  යුතු  වේ.“ 

නව අදහස දක්වන්න