වෛද්‍ය විද්‍යාවේ මංපෙත් සොයා KIU සරසවිය වෙත පිවිසෙන්න | දිනමිණ

වෛද්‍ය විද්‍යාවේ මංපෙත් සොයා KIU සරසවිය වෙත පිවිසෙන්න

වෛද්‍ය විද්‍යාව යන්න ඇසූ පමණින් නිතැතින් මතකයට එන්නේ වෛද්‍යවරුන් සහ රෝගීන් අතර ඇති සම්බන්ධයයි. නමුත් වෛද්‍ය විද්‍යාව එතරම් සරලව නිර්වචනය කළ හැක්කක් නොවේ. කුඩා බෙහෙත් පෙත්තක් හෝ නවීන සැත්කම් ක්‍රම ඔබ වෙතට පැමිණියේ කෙලෙසක දැයි ඔබ මොහොතකටවත් සිතුවාද? දැන් ඒ පිළිබඳව සිතා බැලීමට කාලයයි.

ඔබගේ රෝගය හඳුනා ගැනීමේ සිට එම රෝගය සුව කිරීමට ලබා දෙන එන්නත දක්වා ඔබ සමඟ සිටින ඉසිවරුන් බඳු වෙදැදුරන් පමණක් නොව තිරය පිටුපස සිට ඒ වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ ලබන විද්‍යාඥයන් රැසක් ද සිටි බව ඔබ දැන සිටියාද? මුළු ලොවම කළඹවමින් පැතිර ගිය ඉබෝලා වෛරසය ඔබගේ මතකයේ අදටත් රැඳී ඇති බව නොඅනුමානය. මේ වෛරසය වහා හඳුනා ගෙන ඊට ප්‍රතිකාර සොයා ගත් සුප්‍රකට ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන් ඇතුළු කණ්ඩායම් මානව වර්ගයාට ඉටු කළ අනගි මෙහෙය සුළුකොට තැකිය නොහැකිය. ශරීරය දින ගණනක් පුරා පීඩාවට පත් කරමින් නැඟුණු යම් වේදනාවක් එක් කුඩා බෙහෙත් පෙත්තකින් ක්ෂණිකව සමනය වනු ජීවිතයේ මොන යම් හෝ දිනකදී ඔබ අත්දුටුවා නොඅනුමානය.

එම කුඩා ඖෂධය තුළ ගැබ්ව ඇත්තේ ලොව සුපතල විද්‍යාඥයන්ගේ වසර ගණනාවක පර්යේෂණ අත්දැකීම් සමුදායයි. රෝගියකු සුවපත් කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් ජීවක පරපුරට එක් වීමට සිහින දකින යෞවන යෞවනියනි, රෝබිය දුරු කිරීමට ඔබට ඇති එකම මාර්ගය වෛද්‍ය වෘත්තිය පමණක් නොවන බව ඔබට දැන් වැටහෙනවාද? වෛද්‍ය විද්‍යාව යනු ඔබ පිටතින් දකිනවාට වඩා ඉතා පුළුල් පරාසයක විහිදුණු විෂය පථයකි. හෙට දිනයේ දැයේ ජීවනාලිය වන් ඔබට වෛද්‍ය විද්‍යාවේ නව මං ඔස්සේ පිය මනින්නට KIU සරසවිය (www.kiu.lk හා අත්වැල් බැඳගන්න. වෛද්‍ය විද්‍යාවේ දොරගුලු ඔබට විවර වී ඇත.

නව අදහස දක්වන්න