මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය (MAHE) ශ්‍රී ලංකාවේ සේවයට සූදානම් | දිනමිණ

මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය (MAHE) ශ්‍රී ලංකාවේ සේවයට සූදානම්

ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය (MHRD) සහ ඉන්දීය රජය විසින් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපනය විශ්ව විද්‍යාලය ඉන්දියාවේ වඩාත් පිළිගත් විශ්ව විද්‍යාලය ලෙස නම් කරමින් “විශිෂ්ටතම ආයතනය“ බවට පත් කරයි. 2018 ජුලි මාසයේදී මෙම විශ්ව විද්‍යාලය මෙම සම්මානයෙන් පුදනු ලැබීය.

මෙම අවස්ථාවට එක්වූ මනිපායි ඇකඩමි උසස් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුළපති ආචාර්ය එච් විනෝද් බාත් මහතා සඳහන් කළේ මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය ඉදිරි වසර දෙක තුළ නව විශ්ව විද්‍යාල 3ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. ඉන්

පළමුවැන්න බැංගලෝර් හි ඉදිකෙරෙන අතර දෙවැන්න ජම්ස්පුර් හිදී ඉදිකෙරෙන අතර තුන්වැන්න ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන බවයි.

ලෝකයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල රැසක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන MAHEහෙවත් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු දිරිගැන්වීම සඳහා කටයුතු කරමින් සිටියි. මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරි සත්‍ය නඩෙල්ලා,

නොකියා ප්‍රධාන විධායක නිලධාරි රජිව් සූරි ආදීන් මෙම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෝ වෙති.මෙයින් පැහැදිලි වන්නේ MAHE උපාධි සඳහා වන ජාත්‍යන්තර පිළිගැනීමයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක් බවට පත්වීම සඳහා වන සියලු සුදුසුකම් මෙම විශ්ව විද්‍යාලය සපුරා ඇති බවත් නුදුරේදීම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් බවට පත්වනු ඇති බවත් එහි උපකුලපති එච් විනෝද් බාත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න