ඔන්ලයින් ණය දීමේ දී සිදු වන මූල්‍ය වංචා වැළැක්වීමට නව ක්‍රියාමාර්ග | දිනමිණ

ඔන්ලයින් ණය දීමේ දී සිදු වන මූල්‍ය වංචා වැළැක්වීමට නව ක්‍රියාමාර්ග

ඔන්ලයින් මගින් කෙටි කාලීන මූල්‍යමය ණය පහසුකම් ලබා ගැනීමේ මුවාවෙන් පුද්ගල නම්, හැඳුනුම්පත් අංක සාවද්‍ය ලෙස භාවිත කරමින් වංචනික කටයුතුවල නිරත වූ පුද්ගලයෝ පිරිසක් මිද්දෙණිය ප්‍රදේශයේදී පසුගිය දා අත්අඩංගුවට පත් වූහ. අන්තර්ජාලය ඔස්සේ ණය මුදල් ලබා ගෙන ණය පියවීමේ කටයුතු වංචනික ලෙස සිතාමතාම පැහැර හරින බව ආයතනය අවබෝධ කර ගැනීමෙන් පසු ඇරැඹුණ පොලිස් පරීක්ෂණවලදී මේ අත්අඩංගුවට ගැනීම් සිදුවිය. එහි දී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඩ මුදල් හා ණය මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කරන ලදී.

කෑෂ්වැගන් ආයතනයේ මෙරට ප්‍රධානී සමිල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජන සමාජයේ යහපත වෙනුවෙන් සිදු කරන මේ ව්‍යාපාරය මූල්‍ය අපරාධකරුවන්ගේ ඉලක්කයක් වීම ගැන බෙහෙවින් කනගාටු වන බවයි. මූල්‍ය වංචාකරුවන් සොයා ගැනීමට උපකාර කළ සියලු දෙනාට තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත්, මේ වන විට කෑෂ්වැගන් ණය දීමේ ක්‍රියා පටිපාටිය වෙනස් කර වංචා සිදු වීමේ අවස්ථා වැළැක්වීමේ ක්‍රියා මාර්ග රැසක් ගෙන තිබෙන බවත් ඔහු පැවැසීය. මේ සම්බන්ධයෙන් කෑෂ්වැගන් ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ වෙනත් පුද්ගලයකුගේ අනන්‍යතාව භාවිත කරමින් ණය ආපසු ගෙවීම පැහැර හැරීම නීතියට පටහැනි බව මහජනතාවට මතක් කළ යුතු බවයි. ණයක් සඳහා අයැදුම් කරන විට කොන්ත්‍රාත්තුව හා ආපසු ගෙවීමේ සැළැස්ම අනුව කටයුතු කිරීම සඳහා අදාළ පුද්ගලයා බැඳී සිටියි. එසේ කිරීමට අසමත් වුණොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

නව අදහස දක්වන්න