දායක ඇට මිදුලු බද්ධ කිරීමේ ක්‍රියා­ව­ලි­යට අප දැන් සූදා­නම් | දිනමිණ

දායක ඇට මිදුලු බද්ධ කිරීමේ ක්‍රියා­ව­ලි­යට අප දැන් සූදා­නම්

- අපේක්ෂා රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒක­කයේ විශේ­ෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේ­සිංහ

සාර්ථක ස්වයං ඇට මිදුලු බද්ධ කිරීම්' 39 ක අත්දැ­කීම් සමඟ 'දායක ඇට මිදුලු බද්ධ කිරීමේ ක්‍රියා­ව­ලිය' සඳහා තම කණ්ඩා­යම සූදා­නම් බව මහ­ර­ගම 'අපේක්ෂා' රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒක­කයේ පිළිකා රෝග විශේ­ෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේ­සිංහ පව­සයි.

ඒ සඳහා තව දුර­ටත් අවශ්‍ය පහ­සු­කම් මේ වන විට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් ඉල්ලා ඇති බවත්, එම අව­ශ්‍යතා සපුරා ගත වහාම ඇට මිදුලු බද්ධ කිරීමේ දෙවැනි පිය­වර වශ­යෙන් දායක ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම් ද මෙරට දී සිදු කළ හැකි බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

පසු­ගිය වසරේ විශේ­ෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේ­සිංහ මහතා, මාස කිහි­ප­යක් මහ­ර­ගම අපේක්ෂා රෝහලේ සිදු කළ ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම් දහ­යක් 100%ක් සාර්ථක බව අනා­ව­ර­ණය කළේය. එම සැත්කම් සංඛ්‍යාව මේ වන විට 39ක් බවත් මීළඟ පිය­වර දායක ඇට මිදුලු බද්ධය බවත් වෛද්‍ය­ව­රයා පව­සයි.

'ස්වයං ඇට මිදුලු බද්ධ කිරී­මක් සඳහා කාර්ය මණ්ඩ­ලයේ වේතන, පහ­සු­කම් හා නඩත්තු ගාස්තු ආදිය ගණන් නොගෙන, ඖෂධ හා උප­ක­රණ සඳහා පම­ණක් රුපි­යල් මිලි­යන එක හමා­රක් පමණ වැය වෙන බව ගණන් බලා තිබෙ­නවා. පුද්ග­ලික රෝහ­ලක නම් ඔවුන් ගණන් බලන්නේ කාමර ගාස්තු, පහ­සු­කම්, නඩත්තු ගාස්තු, විශේ­ෂඥ ගාස්තු, කාර්ය මණ්ඩල ගාස්තු ආදි­යට අම­ත­රව ආය­ත­නයේ ලාභ­යත් එකතු කර­ලයි බිල කියන්නේ. මේ එහෙම ගානක් නෙවෙයි. ඒ අනුව බලන කොට රජය විසින් විශාල මුද­ලක් මේ සඳහා වැය කර­නවා. එය එක් ලෙඩෙ­කුට මිලි­යන තුනක් වගේ කියන්න පුළු­වන්. ඒ අනුව බල­නවා නම් මේ වසර දෙකට මිලි­යන 150ක විතර වැඩ කර තිබෙ­නවා'

ඇට මිදුලු බද්ධ කිරීමේ ක්‍රියා­ව­ලියේ ප්‍රග­තිය

මේ වන විට අපි ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සංඛ්‍යාව 39ක් සිදු කර තිබෙ­නවා. පසු­ගිය වසරේ පම­ණක් ඇට මිදුලු බද්ධ කිරීම් 29ක් අපි සිදු කර තිබෙ­නවා. ඒ අනුව මය­ලෝමා (myeloma) රෝගීන්ට අම­ත­රව හොජ්කින් ලිම්ෆෝමා (hodgkin lymphoma ) රෝගි­යෙ­කු­ටත් මේ සැත්කම සිදු කළා. මය­ලෝ­මාට අම­ත­රව ස්වයං ඇට මිදුලු බද්ධ කළ හැකි සෑම රෝගි­යෙක් සම්බ­න්ධ­යෙන්ම වගේ ඇට මිදුලු බද්ධ කිරීම් සිදු කර තිබෙ­නවා. මේ දක්වා සිදු කළේ ස්වයං ඇට මිදුලු බද්ධය වුවත් දාය­ක­යින් ගෙන් සිදු කරන බද්ධ කිරීම් වලට අපි දැන් සූදා­නම්. අපේ කණ්ඩා­ය­මට දැන් ඒ විශ්වා­සය තිබෙ­නවා අපට පුළු­වන් බව. ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් අපි මේ වෙන කොට අමා­ත්‍යාං­ශ­යෙන් ඉල්ලා තිබෙ­නවා.

අන්ත­ර්ජා­තික පිළි­ගැ­නී­මට අනුව නම් එක වෛද්‍ය­ව­ර­යෙක් වස­ර­කට ඇට මිදු­ලු­සැ­ත්කම් රෝගීන් 15- 20 ත් අතර ප්‍රමා­ණ­යක් තමයි බැලිය යුතු වන්නේ. පසු­ගිය වසරේ අපේ මේ සංඛ්‍යාව බැලු­වම අන්ත­ර්ජා­තික සම්ම­තය දෙගු­ණ­යක් වගේ සිදු කර තිබෙ­නවා.

මීළඟ පිය­වර සඳහා සූදා­නම

ඒ අව­ශ්‍ය­තා­ව­යන් ගැන කිය­නවා නම් සම­හර ඒවා පහ­සු­කම්. අපට දැනට තිබෙන්නේ කාමර දෙකක් පම­ණයි. අප යෝජනා කළා එය පුළුල් කරන්න. ඒ වගේම තවත් ඇඳන් 6ක ප්‍රදේ­ශ­යක් තිබෙ­නවා වැඩි දියුණු කර මේ තත්ත්ව­යට ගන්න පුළු­වන්. අපි ගෘහ නිර්මාණ ශිල්පීන් සමඟ කතා කර ඒ සඳහා අවශ්‍ය සැල­සුම් ඉදි­රි­පත් කර තිබෙ­නවා.

ඊට අම­ත­රව අපට අවශ්‍ය සේවක මණ්ඩ­ලය. අපි තව­මත් මුලින්ම ආරම්භ කළ කණ්ඩා­ය­මෙන් තමයි කට­යුතු කරන්නේ. ඇත්ත­ටම කිය­නවා නම් ඒ ගණන අඩු වෙලා. එක් වෙද්‍ය­ව­ර­යෙක් අඩුයි. ඒ වගේම හෙද නිල­ධා­රීන් ගේ අඩු­පා­ඩු­ව­කුත් තිබෙ­නවා.

මීට මාස හත­ර­කට පමණ පෙර මේ සියල්ල ඇතු­ළත් කර අපට සහාය ලබා දෙන ඕස්ට්‍රේ­ලි­යාවේ ශාන්ත වින්සන්ට් රෝහලේ වෛද්‍ය­ව­රුත් සමඟ එකතු වී යෝජ­නා­ව­ලි­යක් ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒ සඳහා ප්‍රති­චාර බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නවා. අපි සූදා­නම් ! ඒ වගේම ආර­ම්භක අව­ස්ථාවේ අපට උදවු කළ අයු­රින්ම උදවු කිරී­මට ඔස්ට්‍රේ­ලි­යාවේ ශාන්ත වින්සන්ට් රෝහලේ වෛද්‍ය­ව­රුන් සූදා­නම්.

අන්ත­ර්ජා­තික ප්‍රමි­තිය පවත්වා ගෙන යාම

අන්ත­ර්ජා­තික මට්ට­මෙන් පවත්වා ගෙන ආ කට­යුතු එක­ක්වත් ලිහිල් කර නැහැ. ඒ නිසා ප්‍රති­ජී­වක වුවත් උසස් තත්ත්වයේ ඒවා ලබා දෙන්නයි අපි කට­යුතු කරන්නේ. සම­හර විට අපිට ඒ ඖෂධ විවිධ මාර්ග වලින්, විශේ­ෂ­යෙන් ආධාර ලබා දෙන්නන් ගෙන් සපයා ගන්නත් සිදු­වෙ­නවා. නමුත් අඛ­ණ්ඩව පවත්වා ගෙන යන රජයේ ආය­ත­න­යක සිදු කරන කට­යු­ත්තක දී එය තිර­සර දෙයක් නෙවෙයි.

අභි­යෝග

මේ වගේ අව­දා­න­ම්කාරී ප්‍රති­කර්ම වලදී ආසන්න අන­තුරු වලට මුහුණ දීමට සිදු වෙනවා. විශේ­ෂ­යෙන් ආසා­දන වලට මුහුණ දෙන්න සිදු වුණා පසු ගිය වසර තුළ. ඒවාට හරි­යට මුහුණ දීම තමයි වැද­ගත්. එවන් අව­ස්ථා­ව­කට මුහුණ දුන්නම අපි නැවත විශ්ලේ­ෂ­ණය කර බල­නවා. එහිදී අපට මෙය වළක්වා ගත හැකි ද, නොහැකි නම් ප්‍රති­චාර මීට වැඩිය දියුණු කර ගන්නේ කොහො­මද කියලා අපි සොය­නවා. ඒ අනුව අන්ත­ර්ජා­තික සම්ම­ත­යන්ට අපේ කෙටු­ම්පත් එක් කර තිබෙ­නවා.

ධාරි­තාව පුළුල් කිරීම

මුලින්ම මාස 8ක් පමණ ඇතු­ළත සිදු කළේ ඇට මිදුලු සැත්කම් 10ක් වුණත් ඉන් පසුව අපේ ධාරි­තාව වැඩි කර ගන්න අපිට හැකි වුණා. උදා­හ­ර­ණ­යක් විදි­යට කිය­නවා නම් මේ විශේෂ කාමර දෙකම අපි මේ ව න විට එක්වර භාවිතා කර­නවා. එහෙත් අපි ආරම්භ කළේ එක වර­කට එක රෝගි­යෙක් ගෙන්. නමුත් දැන් අපි කාමර දෙකට අම­ත­රව පෙර සඳ­හන් කළ විශේෂ කාම­රත් භාවිතා කර­නවා.

කාමර ගණන වැඩි කරන විට අන්තර් ජාතික සම්ම­ත­යන්ට අනු­කූ­ළව අවශ්‍ය ප්‍රමා­ණ­යට විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන්, හෙදි­යන්, වැනි අව­ශ්‍යතා සපි­රෙ­නවා නම් ධාරි­තාව පුළුල් කිරීම අප­හසු කට­යු­ත්තක් නෙවෙයි.

අව­ශ්‍ය­තා­වන්

අපේ පළ­වැනි රුධිර පිළිකා පිළි­බඳ මුළින්ම පුහු­ණුව ලැබූ වෛද්‍ය දේවින්ද ජය­ති­ලක නැවත මේ කණ්ඩා­ය­මට එක් වී සිටි­නවා. ඔහු තමයි ලංකාවේ පළ­වෙ­නි­යට රුධිර පිළිකා සම්බ­න්ධ­යෙන් විශේ­ෂඥ පුහු­ණුව ලබා ලංකා­වට පැමිණ සිටින්නේ. ඔහු මේ අංශ­යට අනු­යුක්ත කර ගන්නත් අපි අමා­ත්‍යාං­ශ­යට ඉල්ලී­මක් ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඊට යහ­පත් ප්‍රති­චාර ලැබෙයි කියලා හිත­නවා. එහෙම උනොත් දාය­ක­යන් ගේ ඇට මිදුලු බද්ධ කිරී­මට යම් විදි­ය­කින් පිටි­ව­හ­ලක් වෙනවා.

ඒ වගේම මීට වසර එක හමා­ර­කට දෙක­කට පෙර ඇට මිදුලු ඒක­ක­ය­ටම කියලා වාර්ෂික පොරොත්තු ලේඛ­න­යට දාලා අය­දුම් කර ‍තේරුණ වෛද්‍ය­වරු තුන් දෙනෙක් පත් කර තිබු­ණත් තව­මත් මේ ආය­ත­න­යට ඔවුන් අනු­යුක්ත වී නෑ.

රෝගීන් තෝරා ගැනීම

මේ වන විට ලබන වසරේ ජන­වාරි මාසයේ මැද දක්වා රෝගී පෝලි­මක් තිබෙ­නවා. රෝගීන් 92දෙනකු අපි සමඟ ලියා පදිංචි වී සිටි­නවා. සාමා­න්‍ය­යෙන් මාස­ය­කට දෙක­ක­ටත් වැඩිය සැත්කම් කර තිබෙ­නවා. මේ රෝගීන් තෝරා ගන්නේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් එක් වී සිදු කරන විශේෂ සාක­ච්ඡා­ව­කින්. දින ලබා දෙන්නෙත් රෝගි­යාගේ තත්ත්වය අනු­වයි. ඉක්ම­ණින් සැත්කම කළ යුතු රෝගීන්ව අපි පොරොත්තු ලේඛ­නයේ ඉදි­රි­යට ගන්න අවස්ථා තිබෙ­නවා. ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම කළ ලාබා­ල­තම රෝගියා වයස අවු­රුදු 17 ක්. වැඩි­ම­හල් රෝගියා ගේ වයස අවු­රුද 64 යි. ඒ වගේම මේ රටේ සෑම දිශා­ව­කින්ම කිසිදු ජාති ආගම් බේද­ය­කින් තොරව මේ සැත්කම සඳහා රෝගීන් යොමු කර තිබෙ­නවා.

අන්ත­ර්ජා­තික පිළි­ගැ­නීම හා කලා­පීය අත්දැ­කීම්

නොවැ­ම්බර් මාසයේ තායිපේ වල පැවැ­ත්වෙන ආසියා පැසි­ෆික් ඇට මිදුළු (Asia Pacific Bone marrow Transplant) හමු­වට විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් හතර දෙනා­ටම සහ­භාගි වෙන්න සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් අනු­ග්‍ර­හය ලබා දී තිබෙ­නවා.

එහි දී අපේ පළමු රෝගීන් 20 ගේ ප්‍රති­ඵල ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කර ගෙන ඉන්නවා. අපි කරන වැඩ අපි ලෝක­ය­ටත් ගෙන යන්න අව­ශ්‍ය­යයි. අන්ත­ර්ජා­තික පිළි­ගැ­නීම වගේම කලා­පය තුළ අත්දැ­කීම් බෙදා හදා ගැනී­මට අව­ස්ථාව ලැබෙන්නේ එවි­ටයි. විශේ­ෂ­යෙන් අපේ දත්ත ආසි­යානු දත්ත සමග සංස­න්ද­නය කළ යුතුයි. එසේ නොවුන හොත් අපි කොතැ­නද ඉන්නේ කියන එක අපි දන්නේ නෑ.

ඇත්ත­ටම කියන්න සතු­ටුයි. දකුණු ආසි­යාව තුළ මුළින්ම ආරම්භ කළ ඇට මිදුලු බද්ධ කිරීමේ මධ්‍ය­ස්ථා­න­යක් ලෙස අපි සෑහෙන ඉදි­රි­යෙන් ඉන්නවා. මියැ­න්මා­ර­ය­ටත් උදවු කළා අපිට උදවු ලබා දෙන ඔස්ට්‍රේ­ලි­යානු වෛද්‍ය කන්ඩා­යම. මා දන්නා ආකා­ර­යට ඔවුන්ට වසර දෙකක් තුළ සිදු කළ හැකිව තිබුණේ සැත්කම් 10කට අඩු ප්‍රමා­ණ­යක්.

අනා­ග­තය වෙනු­වෙන්

විශේ­ෂ­යෙන් අපේ කලා­පයේ මේ සම්ම­ත­ය­න්ටම නෙවෙයි මෙම ක්‍රියා­ව­ලිය සිදු වෙන්නේ. දකුණු ආසි­යාවේ ඇට මිදුලු එක­තු­වක් හෝ ක්‍රියා­ව­ලි­යක් අපේ ක්‍රම­යට සිදු වනවා අඩුයි. අපේ රෝගීන් ගේ 75% ක පමණ එකතු කර ගත් ඇට මිදුළු වලින් කොට­සක් අපි ඉතිරි කර ගෙන ඉන්නවා. යම් ලෙස­කින් ඒ රෝගීන්ට නැවත ඇට මිදුලු බද්ධ­යක් සිදු කළ යුතු වුණොත් දෙවැනි සැත්කම සිදු කිරීමේ හැකි­යා­වත් අප සතුයි. බට­හිර රට­වල තිබු­ණට ඒ වගේ පහ­සු­කම් මේ කලා­පයේ ඇති බව දැන ගන්න නෑ.

සාර්ථ­ක­ත්වය හා සබ­ඳතා

මුල්ම ඇට මිදුලු බද්ධය සිදු කළ පුද්ග­ලයා මේ වන විට ඉතා­මත් හොඳ තත්ත්ව­යෙන් ඉන්නවා. සියළු දෙනාම කිසිම සංකූ­ල­තා­ව­යක් නොමැ­තිව සාමාන්‍ය ජීවි­තය ගත කර­නවා. කුඩා ළමුන් ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය කරන අයු­රින් ඔවුන්ව නැවත ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය කිරීම වැනි කළ යුතු දේ තිබෙ­නවා. ඒවාත් රෝහල් හර­හාම අපි කර­නවා. පළමු මාස 6න් පසු අපිට ඔවුන්ව යොමු කළ වෛද්‍ය­ව­රුන් වෙත යොමු කර­නවා.

ඒ වගේම සැත්කම් සිදු කළ රෝගීන් 39දෙනාගේ ආද­රය සහ අගය කිරීම මත තමයි අපේ මේ ක්‍රියා­දා­මය තව දුර­ටත් ශක්ති­මත් වී තිබෙන්නේ. ඔවුන් අපිට හරි ආද­රෙයි. ඔවුන් අපිව බලන්න එන්නේ ඥාතීන් බලන්න එනවා වගේ සමීප හැඟී­ම­කින්‍. අපේ කණ්ඩා­ය­මට මේ රෝගීන් 39 දෙනා ඔවුන් ගේ නම්ව­ලින්ම මත­කයි.

ඔවුන් නිර­න්ත­ර­යෙන් අපේ නිරී­ක්ෂ­ණ­යට ලක් වෙනවා. මුලදී වගේ ළඟ කාල සීමා තුළ නෙවෙයි උනත් අවම වශ­යෙන් මාස 3කට වරක් වත් ඔවුන්ව පරීක්ෂා කර­නවා. ඔවුන් ගේ දිගු කාලීන සාර්ථ­ක­ත්වය කොහො­මද කියලා නිරී­ක්ෂ­ණය කර­මින් ඉන්නේ.

කොප­මණ කාල­යක් මේ සාර්ථ­ක­ත්වය තිබෙ­න­වාද කියන එක අපි විශ්ලේ­ෂ­ණය කළ යුතුයි. අපි අන්ත­ර්ජා­තික මට්ටමේ ඉන්න­වද කියන එක බලන්න තව වසර පහ­කින්, දහ­ය­කින් විශ්ලේ­ෂ­ණය කළ යුතුයි‍.

ළමා රෝගීන්

දායක ඇට මිදුලු බද්ධය තමයි වැඩි පුරම කුඩා ළමුන්ට අවශ්‍ය වන්නේ. මොකද අප දැනට සිදු කරන්නේ මල්ටි­පල් මය­ලෝමා රෝගීන් සඳහා ඇට මිදුලු බද්ධ­යයි. එම රෝගී තත්ත්වය තිබෙන්නේ වැඩි පුරම වැඩි­හි­ටි­යන් අත­රයි. ළමුන්ගේ අව­ශ්‍ය­තාව තිබෙන්නේ ඊළඟ පිය­වරේදී යි. ඒ සඳහා ළමා රෝගීන් විශාල සංඛ්‍යා­වක් සිටීවි.

ඇට මිදුලු දාය­ක­යන්ගේ ලැයි­ස්තු­වක්

ඇට මිදුලු දාය­ක­යන්ගේ ලැයි­ස්තු­වක් ජාතික රුධිර පාර­වි­ල­යන ආය­ත­නය හරහා ලියා­ප­දිංචි කර­න්නත් අපි සූදා­නම් වෙලා ඉන්නවා. ඒ වගේ ලැයි­ස්තු­වක් තිබෙන එක ලංකාවේ පම­ණක් නෙවෙයි ලෝක­යේම රෝගීන් සඳහා ප්‍රයෝ­ජ­න­වත් වෙනවා. විශේ­ෂ­යෙන් ශ්‍රී ලාංකි­ක­යින්ට ගැළ­පෙන්න ශ්‍රී ලාංකික දාය­ක­යන්ගේ ඇට මිදුලු තිබිය යුතුයි. ලෝකයේ ඕනෑම ශ්‍රී ලාංකික රෝගි­යකු සඳහා ගැළ­පෙන දාය­ක­යකු ඒ ලියා­ප­දිංචි ලැයි­ස්තුව හරහා සොයා ගත හැකියි.

ලේ දන් දිය හැකි ඕනෑම නිරෝගී පුද්ග­ල­යෙ­කුට ඇට මිදුලු දාය­ක­යකු ලෙස ලියා­ප­දිංචි විය හැකියි. ඒ සඳහා කම්මුල ඇතු­ළෙන් සෛල ටිකක් ගෙන සිදු කරන පරී­ක්ෂ­ණ­යක් මගින් ජාන දත්ත, දත්ත ගබ­ඩා­වක තැන්පත් කර­නවා. එම ගබ­ඩාව ලෝක­යේම තිබෙන දායක ලියා­ප­දිංචි ලැයි­ස්තු­වට සම්බන්ධ වෙනවා.

ලෝකයේ ඕනෑම තැන­කින් අදාළ ජාන දත්ත ඇතු­ළත් කළ විට ඊට ගැළ­පෙන දාය­ක­යින් සොයා ගත හැකියි. ඒ අත­රි­නුත් වඩාත් ගැළ­පෙන, ළඟම දාය­කයා සොයා ගනු ලබ­නවා.

නිර­න්තර සහාය

මේ සැත්ක­මට අදාළ රජයේ රෝහල් වල නැති පහ­සු­කම් නැති සම­හර ලේ පරී­ක්ෂණ පෞද්ග­ලි­කව කර ගත යුතු වෙනවා‍. ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් ට්‍රස්ට් කියන එකෙන් එවන් අව­ස්ථා­වල දී රෝගීන්ට උදවු කර­නවා. සම­හර ඖෂධ ගන්න පවා ඔවුන් ගේ උදවු ලැබෙ­නවා. එය රාජ්‍ය හා පෞද්ග­ලික අංශයේ වග­කිව යුතු තන­තුරු දැරූ නිල­ධා­රීන් ගෙන් සම­න්විත සංවි­ධා­න­යක්. ඕස්ට්‍රේ­ලි­යාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව තව­මත් අපිට උදවු ලබා දෙනවා. විශේ­ෂ­යෙන් කිව යුතුයි, මෙහි දෙවැනි පිය­වර සඳහා ඔස්ට්‍රේ­ලි­යානු වෛද්‍ය කණ්ඩා­යම මෙර­ටට පැමි­ණෙන විට ඔවුන්ගේ ගම­නා­ග­මන විය­දම් දැරී­මට ඔවුන් පොරොන්දු වී තිබෙ­නවා.

අව­ධා­නය

අත්‍ය­වශ්‍ය පිළිකා නාශක ඖෂධ වල ගුණා­ත්මක භාවය ඒ අයු­රින්ම තිබෙ­නවා නම් මිළ අධික ඖෂධ වල අවශ්‍ය වන අවස්ථා අඩුයි. අත්‍ය­වශ්‍ය ඖෂධ වර්ග 25ක් පමණ තිබෙ­නවා. ඒව­ගේම ඒවා එත­රම් මිළ අධික ඒවාත් නෙවෙයි. මිල අධික ඖෂධ වන්නේ රෝගය නැවත මතු වූ විට ලබා දෙන ඒවායි.

එම ඖෂ­ධ­ව­ලට විකල්ප නැහැ. ඒ නිසා අත්‍ය­වශ්‍ය පිළිකා නාශක ඖෂධ අඛ­ණ්ඩව තිබෙ­නවා නම් රෝගීන්ට වඩාත් යහ­පත් ප්‍රති­ඵල ලබා ගන්න පුළු­වන් බව විශ්වා­සයි.

විශේෂ ස්තූතිය- මහ­ර­ගම අපේක්ෂා රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒක­කයේ වෛද්‍ය, හෙද හා සෙසු කාර්ය මණ්ඩ­ල­යට

ක්‍රිසන්ති විතා­රණ


නව අදහස දක්වන්න