සංචා­ර­යට හොඳම රට! | දිනමිණ

සංචා­ර­යට හොඳම රට!

බ්‍රෝහි­යර් ශ්‍රී ලංකාව දකින්නේ අති සුන්දර රාජ්‍ය­යක් හැටි­යට ය. ඔහු කොටුව නග­රයේ (ප්‍රදේ­ශයේ) ස්වාභා­වය විස්තර කරන ආකා­ර­යට අනුව සාහි­ත්‍යයේ එන අල­තා­පු­රය සිහි­පත් වේ. ලෙනාඩ් වුල්ෆ් මේ රට­ටත් එහි ජනී - ජන­යා­ටත් අසී­මිත ලෙස ආද­රය කළේ ය. ඔහු ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාල­නය විවේ­චන කරන තර­මට ම ශ්‍රී ලංකා­වට ආද­රය කළේය. ඇන්ටන් චෙකොෆ් ශ්‍රී ලංකාවේ සුන්ද­ර­ත්වය ගැන සිය පෞද්ග­ලික සට­හ­න්වල ලියා තැබු­වේය. චෙකෝෆ් මෙර­ටට පැමිණ නවා­තැ­න්ගත් Òටැප්‍රෝ­බේන්Ó හෝට­ලය දැක­ගැ­නී­මට විදේ­ශීය සංචා­ර­කයෝ අදත් මෙහි එති. Òසිද්ධාර්ථÓ නම් විවා­දා­පන්න නව­ක­තාව රචනා කළ හර්මන් ‍හෙස බෞද්ධ දර්ශ­නය ගැන කරුණු හැදෑ­රී­මට ශ්‍රී ලංකාව කරා පැමි­ණියේ ය. අපේ මව්බිම කෙත­රම් ආශ්ච­ර්ය­යෙන් පිරි රටක් ද?

කරුණු මෙසේ තිබි­යදී ශ්‍රී ලංකාව සංචා­රය සඳහා නුසු­දුසු රාජ්‍ය­යක් ලෙස කාල­යක් පුරා­වට ලේබල් වී තිබිණි. ඇතැම් රට­වල් සිය සංචා­ර­ක­යන් සඳහා ශ්‍රී ලංකාව තහ­නම් කළහ. ඒ අතර මහා බ්‍රිතා­න්‍යය ද සිටියේ ය. එදා අපේ රට හැඳි­න්වූයේ අව­දා­නම් සහ­ගත අසා­ර්ථක රාජ්‍ය­යක් හැටි­යට ය. විවිධ විෂ­ය­යන් සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් වන ජගත් වාර්තා සට­හ­න්වල අන්තිම කෙළ­ව­රක ශ්‍රී ලංකාව සට­හන් වී තිබිණි. යුද්ධය, ත්‍රස්ත­වා­දය, දේශ­පා­ලන අවුල් සේ ම රටේ ආර්ථික පසු­බෑ­මත් මේ සඳහා හේතු සාධක වූ බව කව්රුත් දනිති. ඒ හැරත් සංචා­රක කර්මා­න්තය වැඩි­දි­යුණු කිරීමේ අර­මු­ණක් ද එදා පාල­ක­යන්ට තිබුණේ නැත. ප්‍රාදේ­ශීය දේශ­පා­ල­ක­යන් විදේ­ශීය සංචා­ර­ක­යන් කැටුව ගැටුම් ඇති­ක­ර­ගෙන ඔවුන් මරා දමන තැනක පසු­විණි.

පැවැති අමි­හිරි අතී­තය මුළු­ම­නින් ම වෙනස් වී ඇතැ’යි සාක්ෂි සහිත ව සනාථ කළ හැකිය. ඊට කදිම නිද­සුන Òලෝන්ලි ප්ලැනට්Ó ආය­ත­නය නිකුත් කරනු ලබන ලෝක සංචා­ර­ක­යන් සඳහා වූ වාර්ෂික වාර්තාව ය. 2019 සඳහා වූ එම වාර්තාවේ අංක එකට සඳ­හන් වී ඇත්තේ Òශ්‍රී ලංකාÓ යන නාමය යි. එහි අර්ථය වන්නේ සංචා­රය සඳහා ලෝකයේ සුදුසු ම රාජ්‍යය අපේ රට බව ය. දෙවන ස්ථානය හිමි­ක­ර­ගෙන ඇත්තේ ජර්ම­නි­යයි. යුරෝපා හවුලේ ශක්ති­මත් ම ආර්ථි­කය ඇති රට හැටි­යට ද යුරෝපා සංග­මයේ ප්‍රධා­න­ත්වය හිමි­වන රාජ්‍යය හැටි­යට ද ජර්ම­නිය හැඳි­න්විය හැකිය. එබඳු රටක් පරයා ශ්‍රී ලංකාව සංචා­රක ක්ෂේත්‍රයේ කීර්ති නාම­යක් හිමි­කර ගැනීම ආඩ­ම්බ­ර­යට කාර­ණ­යකි. මේ ආඩ­ම්බ­රය අර්ථ­වත් දෙයක් බවට පරි­ව­ර්ත­නය කර ගත හැක්කේ සංචා­රක කර්මා­න්තය දියුණු කිරී­මෙන් ය.

Òලෝන්ලි ප්ලැනට්Ó ආය­ත­නයේ වාර්ෂික කලා­පයේ කර්තෘ­ව­රයා වන ඊතන් ගෙල්ඩර් මහතා ශ්‍රී ලංකාවේ සංචා­රක සුදු­සු­කම් ගැන තර­මක දීර්ඝ විස්ත­ර­යක් සිදු­කර තිබේ. එම විස්ත­ර­ව­ලට අනුව යුද්ධය අව­සන් වී සාමය ස්ථාපිත වීම පළමු සාධ­කය ලෙස ගෙන තිබේ. රටේ මාර්ග පද්ධ­තිය ඇතුළු ප්‍රවා­හන පහ­සු­කම් දියු­ණු­වී­මත් නව ප්‍රවා­හන ජාල ඇති වී තිබී­මත් දෙවන සාධ­කය බවට පත් වී ඇත. හෝටල් ක්ෂේත්‍රයේ විශාල පිබි­දී­මක් පැවැ­තීම, සන්නි­වේ­දන පහ­සු­කම් පුළුල් වීම අනෙක් සාධ­කය ලෙස පවතී. රටේ සමාජ - සාංස්කෘ­තික වටි­නා­කම විග්‍රහ කරන කතු­ව­රයා බහු ආග­මික හා බහු සාංස්කෘ­තික රටක් වීම ශ්‍රී ලංකා­වට වාසි­යක් බවට පෙන්වා දෙයි. කතු­ව­ර­යාගේ විශේෂා’වධා­න­යට ලක් වී ඇත්තේ රට වටා ඇති මන­හර මුහුදු තීරය, වන සතුන් හා ඓති­හා­සික ස්ථාන­යන් ය.

කල­කට ‍පසුව ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් පළවූ කීර්ති­මත් වාර්තා­වක් හැටි­යට ඉහත ප්‍රකා­ශ­නය හැඳි­න්විය හැකි ය. ලොව පුරා සංචා­ර­ක­යන් බහුල කලා­ප­ව­ලට මේ කලා­පය නිකුත් කෙරේ. ඒ හැරෙ­න්නට ප්‍රකා­ශ­නය නිල වශ­යෙන් ලබා­ගන්නා ආය­තන තිබේ. සංචාර සංවි­ධාන කරන කීර්ති­මත් ආය­තන Òලෝන්ලි ප්ලැනට්Ó ආය­ත­නයේ මාර්ගෝ­ප­දේ­ශ­ක­ත්වය ලබා­ගනී. ධන­වත් සංචා­ර­කයෝ එම ආය­ත­නයේ වාර්තා නිරී­ක්ෂ­ණය කර­මින් ස්වකීය සංචාර සැලැ­සුම් කර ගනිති. ඒ අනුව අපේ ර‍ටට ලැබී ඇත්තේ අපූරු අව­ස්ථා­වෙකි. මෙයින් උප­රිම ඵල නෙළා­ගැ­නීම සඳහා විධි­මත් සැලැ­සුම් ඇති­කළ යුතුය. හෝටල් සංස­දයේ උත්ස­ව­ය­කට සහ­භාගි වූ අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෑතක දී කියා සිටියේ සංචා­රක කර්මා­න්තය දියුණු කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර­ව­ලට අවශ්‍ය පහ­සු­කම් සැප­යීම සඳහා රජය නොම­සු­රුව තම දාය­ක­ත්වය ලබා­දෙන බව ය.

සංචා­ර­යට සුදුසු රට­වල් අත­රින් තුන්වන ස්ථානය හිමි වී ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය­යට ය. එම ආරං­චිය අප තර­මක් පුදු­ම­යට පත්ක­රන එකක් විය හැකි ය. දේශ­පා­ලන ගැටුම් හා ආර්ථික පසු­බෑම් සහිත එම රාජ්‍යය සංචා­රක කර්මා­න්තය පව­ත්වා­ගෙන යන්නේ කෙසේ ද යන්න පුදු­ම­යට කාර­ණය යි. එහෙත් එබඳු රාජ්‍ය­ව­ලට ද අවශ්‍ය නම්; සංචා­රක කර්මා­න්තය දියුණු කළ හැකි ය. හරාරේ නුව­රින් නිතර අස­න්නට ලැබෙන්නේ අසු­බ­දා­යක ආරංචි ය. එහෙත් මේ රටේ පරි­ස­රය, කඳු පන්ති, සැම්බසි වැනි ගංගා මෙන් ම හෝටල් පහ­සු­කම් ද සංචා­රක ආක­ර්ෂ­ණ­යට හේතු - සාධක ලෙස පෙන්වා දිය හැකි ය. විවිධ අභි­යෝග පැවැ­තිය ද ඒවාට මුහුණ දෙමින් කර්මා­න්තය පව­ත්වා­ගැ­නීමේ හැකි­යාව සිම්බාබ්වේ රාජ්‍යය පෙන්වා දී තිබේ. අප එය ආද­ර්ශ­යට ගැනීම ඉතා වැද­ගත් ය.

වාර්ෂි­කව විදේ­ශීය සංචා­ර­ක­යන් මිලි­යන හයක් මෙර­ටට ගෙන්වා ගත හැකි නම්; එය හොඳම ආදා­ය­මක් බව අග­මැ­ති­ව­රයා පෙන්වා දෙයි. දැනට ශ්‍රී ලංකා­වට එන විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ ගණන ඊට වඩා බොහෝ අඩු ය. මේ සඳහා අන්ත­ර්ජා­තික වශ­යෙන් ගෙන යන ප්‍රචා­රය ප්‍රමා­ණ­වත් නැතැ’යි කිව හැකි ය. නේපා­ලයේ ÒපොකාරාÓ වැනි සංචා­රක කලාප ලෝකය පුරා බෙහෙ­වින් ප්‍රච­ලිත ය. ශ්‍රී ලංකාව තව ම එබඳු සංචා­රක කලාප පිහි­ටුවා නැත. එය අඩු­වකි. සංචා­ර­ක­යන්ට දක්වන ආග­න්තුක සත්කා­ර­වල වෙන­සක් ද සිදු­විය යුතු ය. වැඩි­යෙන් විය­දම් කරන ධන­වත් සංචා­ර­ක­යන් සඳහා එක විලා­ස­ය­කින් ද, අඩු­වෙන් විය­දම් කරන මැද­පෙළ සංචා­ර­ක­යන් සඳහා තවත් විලා­ස­ය­කින් ද සැලැ­කීම සුදුසු නැත. සෑම සංචා­ර­ක­ය­කුම හොඳින් පිළි­ගත යුතු ය. ඔවු­නට උප­රි­ම­යෙන් ම සැලැ­කිය යුතුය.

ඊජි­ප්තු­වට යන සංචා­ර­ක­යන් පිර­මීඩ නර­ඹ­මින් නයිල් ගංගාවේ සංචා­ර­ව­ලට එක්වීම සුලබ දසු­නකි. ශ්‍රී ලංකා­වට එන සංචා­ර­ක­යන් ද සීගි­රිය නර­ඹ­න්න­ටත් වෙරළ තීරයේ ඇවි­දි­න්න­ටත් අම­තක කරන්නේ නැත. එහෙත් අපේ මේ සුන්දර දිව­යින තුළ තවත් කෙත­රම් අසි­රි­මත් ස්ථාන තිබේ ද? ඒවා සඳහා සංචා­ර­ක­යන් බුරුතු පිටින් ආක­ර්ෂ­ණය කර ගනු ලබන වැඩ­ස­ට­හන් කෝ?

 


නව අදහස දක්වන්න

Or log in with...