අත්තනගල්ල ග්‍රාමීය පහසුකම් සංවර්ධනයට ලක්ෂ 4000ක් | දිනමිණ

අත්තනගල්ල ග්‍රාමීය පහසුකම් සංවර්ධනයට ලක්ෂ 4000ක්

ගම්පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 113ක් ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ වෙනුවෙන් රු. ලක්ෂ 4000ක් වෙන්කර ඇති බව අත්තනගල්ල සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති චන්ද්‍රසෝම සරණලාල් මහතා පැවැසීය. මේ යටතේ ග්‍රාමීය මාර්ග 54ක්, පූජනීය ස්ථාන 11ක්, පාසල් ක්‍රීඩාපිටි සහ සනීපාරක්ෂක ව්‍යාපෘති 33ක්, ග්‍රාමීය වැව් 11ක්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස 86කට විදුලිය සැපයීම, අබලන් නිවාස පියසි 112ක් අලුත්වැඩියා කරදීම සිදුකෙරේ. කැන්දලන්ද සහ බෝපාගම හරිත ගම්මාන බවට පත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. තව ද හීන්දෙණිය - පට්ටිගොඩ දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් සවි කිරීම ද සිදුකෙරේ. මේ වසර අවසානයට පෙර සියලු ව්‍යාපෘති අවසන් කිරීමට සැලසුම් කර ඇත.

ජයවීර සුගතපාල අත්තනගල්ල විශේෂ

නව අදහස දක්වන්න