ශ්‍රී ලංකා ‘පැර­ඩ­යිස්’ | දිනමිණ

ශ්‍රී ලංකා ‘පැර­ඩ­යිස්’

ශ්‍රී ලංකාව යනු සංචා­රක කර්මා­න්තය කෙරෙහි මහත් බලා­පො­රොත්තු දල්වා ඇති රාජ්‍ය­යෙකි. වත්මන් ආණ්ඩුවේ සංව­ර්ධන උපාය මාර්ග අතර ප්‍රමුඛ තැනක් ද ඊට ලබා දී තිබේ. අවම වශ­යෙන් වස­ර­කට දස­ලක්ෂ හයක් සංචා­ර­ක­යන් රටට ගෙන්වා­ගත හැකි නම්; අපට තෘප්ති­මත් විය හැකි බව පුරෝ­ක­ථ­නය වී ඇත. එහෙත් එබඳු සංචා­ර­කයෝ පිරි­සක් තවම ශ්‍රී ලංකා­වට නොඑ‍ති. හේතුව කුමක් ද? රට දැන් සාම­කාමී ය. යුද්ධ­යක් නැත. අන්ත­ර්ජා­තික සබ­ඳතා අතින් ද සාර්ථක මට්ට­මක පසු­ව­න්නට ශ්‍රී ලංකාව සමත්වී ඇත. එසේ නම්; අඩුව ඇත්තේ කොතැන ද? ප්‍රචා­ර­ණය මදි ද? පහ­සු­කම් අඩු ද?

අතීත ශ්‍රී ලංකාව විදේ­ශි­ක­යන් අතර ප්‍රකට වූයේ ඓති­හා­සික රාජ්‍ය­යක් හැටි­යට ය. තව අතෙ­කින් තේ වැනි වගා­වන් හා සුව­දායී පරි­ස­ර­යක් නිසා ය. එදා හෝටල් පහ­සු­කම් මද වුව සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම සීඝ්‍ර­යෙන් වර්ධ­නය විය. අද ප්‍රමා­ණ­වත් හෝටල් පහ­සු­කම් තිබේ. එහෙත් සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම සීඝ්‍ර­යෙන් වර්ධ­නය වන්නේ නැත. දකුණු ආසි­යානු කලා­පයේ වෙනත් සංචා­රක කලාප සමඟ තරග වැදී­මට ද ශ්‍රී ලංකා­වට සිදුවී ඇත. නූතන සංචා­රක කර්මා­න්තය හැම අතින්ම තර­ග­කාරී ය. සිදු­විය යුත්තේ එම තර­ග­යට උපා­ය­මා­ර්ගි­කව මුහු­ණ­දීම ය. ඒ හැර වෙනත් වික­ල්ප­යක් නැත.

මෙරට හෝටල් සංස­දයේ උත්ස­ව­යක ප්‍රධාන අමුත්තා ලෙසින් ඊට සහ­භාගී වූ අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කියා සිටියේ සංචා­රක කර්මා­න්තය අපේ ආර්ථි­කයේ කොඳු නාර­ටිය බවට පත් කළ හැකි බව ය. ඒ සඳහා ලෝක සංචා­රක කර්මා­න්තයේ නව ප්‍රව­ණතා හඳු­නා­ග­නි­මින් මේ ක්ෂේත්‍ර­යට අවශ්‍ය පහ­සු­කම් සැප­යී­මට ඉදි­රි­පත් වන බවද අග­මැ­ති­ව­රයා කියා සිටියේ ය. සංචා­රක කර්මා­න්තයේ නියුතු වෘත්ති­ක­යන් දෙස බල­න­විට මෙය ඉතා ශුභ­දායී ප්‍රකා­ශ­යකි. සංචා­රක කර්මා­න්තය කෙරෙහි රාජ්‍ය අංශයේ මෙතෙක් පැවැති දාය­ක­ත්වය සතු­ටු­දා­යක නැතැ’යි කිව හැකි ය. රජයේ ප්‍රධා­නීන් එය වට­හා­ගැ­නීම සාධ­නීය තත්ත්ව­යකි.

මේ ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙන­කුගේ අද­හස වන්නේ හෝටල් ඉදි­කි­රී­මෙන් පම­ණක් සංචා­රක කර්මා­න්තය දියුණු කළ හැකි බව ය. මාල­දි­ව­යින් ආර්ථි­කයේ ප්‍රධාන ඉපැ­යීම් මාර්ග දෙක වන්නේ ධීවර කර්මා­න්තය හා සංචා­රක කර්මා­න්ත­යයි. මාල­දි­ව­යි­නෙහි ඩුබා­යි­වල තරම් විශාල හෝටල් නැත. ඩුබා­යි­වල ඇති නූතන පහ­සු­කම් ද මාල­දි­ව­යි­නෙහි නැත. එහෙත් විදේශ සංචා­ර­කයෝ මාල­දි­ව­යි­නට ආක­ර්ෂ­ණය වෙති. එහි ඇති රහස අප විසින් ද විම­ර්ශ­නය කළ යුතුව තිබේ. එකි­නෙක සංචා­රක කලාප ස්වකීය ‍විශේෂතා මත සංචා­ර­කයෝ ඇද­ග­නිති. එබඳු තැන­කට යෑමේ හැකි­යාව ශ්‍රී ලංකා­වට තිබේ.

විදේ­ශීය සංචා­ර­කයා සම්බ­න්ධ­යෙන් රටේ පැවැති ආකල්ප සුබ­දා­යක නැත. සංචා­රක කර්මා­න්තය නිසා සාංස්කෘ­තික ආක්‍ර­ම­ණ­යක් සිදු­වන බවට ද එයින් රටේ සමාජ පරි­හා­නි­යක් සිදු­වන බවට ද චෝදනා පැවැ­තිණි. මෙය කෙත­රම් බල­වත් ලෙස සිදු­වූයේ ද යත්; පාසල් දරු­වන් ලවා සංචා­රක කර්මා­න්තයේ අනිටු විපාක ගැන රචනා ලියැ­විණි. මත් කුඩු වසං­ග­තය, ඩිස්කෝ සංස්කෘ­තිය සංචා­ර­ක­යන් ඔස්සේ මෙර­ටට පැමිණි බවට විවේ­චන එල්ල විය. අප සංචා­රක කර්මා­න්තය හෑල්ලු­වට ලක්ක­රද්දී, නේපා­ලය, මාල­දි­ව­යින, සිංග­ප්පූ­රුව, තායි­ල­න්තය වැනි රට­වල් එය ආශි­ර්වා­ද­යක් බවට පත්ක­ර­ගත්හ. මෙයින් පෙනී යන්නේ සංචා­රක කර්මා­න්තය පිළි­බඳ සුබ­වාදී අද­හස් අපේ සමා­ජය තුළ ප්‍රච­ලිත කළ යුතු බවය.

රටේ පව­තින උද්ඝෝ­ෂණ හා වැඩ­ව­ර්ජන සංචා­රක කර්මා­න්ත­යට අහි­ත­කර ලෙස බලපා තිබේ. පසු­ගි­යදා පැවැති වැඩ වර්ජන රැල්ලට හසුවූ සංචා­ර­කයෝ ශ්‍රී ලංකාව විවේ­ච­නය කළෝය. විශේ­ෂ­යෙන් දුම්රිය වැඩ වර්ජන විදේ­ශීය සංචා­ර­ක­යන් කෙරෙහි බල­පායි. දුම්රිය; සංචා­ර­ක­යන් භාවිතා කරන ජන­ප්‍රිය ප්‍රවා­හන මාධ්‍ය­යකි. පසු­ගිය කාලය තුළ එක­පිට එක දුම්රිය වර්ජන ගණ­නා­වක් පැවැ­ත්විණි. දුර යන සීඝ්‍ර­ගාමී දුම්රිය සඳහා ආසන වෙන් කර­වා­ගෙන සිටි සංචා­ර­කයෝ මෙයින් බල­වත් පීඩා­වට පත්වූහ. ඔවුන්ගේ මුළු සංචා­ර­යම එයින් අවුල්වී යන්නට ඇත. මේ සංචා­ර­කයෝ තමන්ගේ රට තුළ ඒවා ප්‍රචා­රය කරති.

අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හොටෙල් සංසද උත්ස­ව­යේදී තවත් වැද­ගත් පොරො­න්දු­වක් ලබාදී ඇත. එනම්; මෙරට අභ්‍ය­න්තර ගුවන් සේවා දියුණු කිරී­මට පිය­වර ගන්නා බවය. මඩ­ක­ළ­පුව, පලාලි, අම්පාර, ත්‍රිකු­ණා­ම­ලය, ගාල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර­ක­ර­ගත් අභ්‍ය­න්තර ගුවන් තොටු­පොළ ගණ­නා­වක් තිබේ. නේපා­ලය වැනි රට­වල් සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කර ගැනීම සඳහා අභ්‍ය­න්තර ගුවන් සේවාව හොඳින් යොදා­ගනී. අපේ මත්තල ගුවන් තොටු­පොළ කොළඹ - කටු­නා­යක ගුවන් තොටු­පොළ හැරු­ණු­කොට තවත් ජාත්‍ය­න්තර ගුවන් තොටක් ලෙස දියුණු කළ හැකිය. ගුවන් සේවාව සංචා­රක කර්මා­න්තයේ ප්‍රධාන සාධ­ක­යක් ලෙස පවතී. එබැ­වින් ගුවන් සේවා දියුණු කිරීම අනි­වාර්ය විය යුතුය.

රටට එන සංචා­ර­ක­යන් ඉපැ­යීම අතින් වර්ග කළ­හොත් දින කිහි­ප­යක් තුළ ඇ. ඩො. 2000 – 3000 විය­දම් කරන අය සිටිති. තව පිරි­සක් ඇ. ඩො. 1000 – 1500 විය­දම් කරති. තවත් පිරි­සක් දින කිහි­ප­යක් තුළ ඇ. ඩො. 200ට අඩු­වෙන් විය­දම් කරති. සංචා­ර­ක­යන්ගේ ස්වභා­වය හා විය­දම් කිරීමේ හැකි­යාව විවි­ධා­කා­රවේ. එහෙත් මේ සියලු දෙනා­ටම ගෞර­ව­ණීය ලෙස සැල­කී­මත් හොඳින් පිළි­ගැ­නී­මත් සිදු­විය යුතුය. අපේ රටේ එවැ­න්නක් දකි­න්නට නැත. මුදල් හැකි­යා­වෙන් වැඩි යහ­මින් විය­දම් කරන සංචා­ර­ක­යන් සඳහා ඕනෑ­ව­ටත් වඩා ගරු­ක­රන අපේ ඇත්තෝ අඩු විය­දම් සහිත අය නොස­ලකා හරිති. එය සංචා­රක කර්මා­න්ත­යට සුදුසු දෙයක් නොවේ.

සංචා­රක කර්මා­න්තය දියුණු කිරීම සඳහා හෝටල් කළ­ම­නා­ක­ර­ණය විධි­මත් ලෙස ඉගැ­න්වීමේ ක්‍රම­යක් ද සැක­සිය යුතු බව රනිල් වික්‍ර­ම­සිංහ මහතා පෙන්වා දී ඇත. දැනට හොටෙල් කළ­ම­නා­ක­ර­ණය උග­න්වන ආය­තන ගණ­නා­වක් ඇතත්; ක්ෂේත්‍ර­යට අවශ්‍ය වෘත්ති­ක­යන් ඒවා මගින් ප්‍රමා­ණ­වත් ලෙස පුහුණු කරන බවක් පෙනෙ­න්නට නැත. මේ අඩුව පියවා ගත යුතු බව අග­මැ­ති­ව­රයා පෙන්වා දෙයි. සංචා­රක කර්මා­න්තය ලෝකයේ හොඳම ආදා­යම් මාර්ග­යක් වන බැවින් පුහු­ණුව ආයෝ­ජ­න­යක් ලෙස සැලැ­කිය හැකි ය. විධි­මත් පාස­ල­කින් ලබා ගත් පුහු­ණු­ව­කට විදේශ රැකියා සප­යා­ගත හැකිය. ලෝකයේ ප්‍රකට සංචා­රක කලා­ප­වල මේ ක්ෂේත්‍රයේ පුර­ප්පාඩු විශාල ප්‍රමා­ණ­යක් ඇති බව පෙනෙයි.

සංචා­රක ක්ෂේත්‍රය රටේ ආර්ථි­කයේ ප්‍රධාන ඉපැ­යීම මාර්ග­යක් හැටි­යට පත්ක­ර­ගත හැකි සාධක ගණ­නා­වක් අප සතුය. සිදු­විය යුත්තේ ඒවා නිවැ­රැදි ලෙස භාවිත කිරී­මය.

 

නව අදහස දක්වන්න