මදුරු කීට ඝනත්වය ඉහළ යාමේ අවදානමක් | දිනමිණ

මදුරු කීට ඝනත්වය ඉහළ යාමේ අවදානමක්

පවතින වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය යළි වර්ධනයවීමේ අවදානමක් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ, බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වලින් එම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවයි.

මේ අතර ලබන මස පළමුවන දා සහ 02 වන දා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39793 කි.

නව අදහස දක්වන්න