අපේ ගොවිතැනේ දියුණුවට නව තාක්ෂණය යොදා ගැනීම ගැන උසස් පෙළ විද්‍යා ගුරුවරු සිසුන් දැනුවත් කරන ව්‍යාපෘතියක් | දිනමිණ

අපේ ගොවිතැනේ දියුණුවට නව තාක්ෂණය යොදා ගැනීම ගැන උසස් පෙළ විද්‍යා ගුරුවරු සිසුන් දැනුවත් කරන ව්‍යාපෘතියක්

ජාතික අධ්‍යාපන ආයතනය (National Institute of Education) 2018 සැප්තැම්බර් මාසයේ දී කළ ඉල්ලීම පරිදි, තෘතියික හා වෘත්තිමය අධ්‍යාපන කොමිසම යටතේ ලියාපදිංචි කර ඇති (Tertiary and Vocational Education Commission -TVEC) හේලීස් කෘෂිකාර්මික පුහුණු පාසල (Hayleys Agriculture Training School) මගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක කරන ප්‍රශස්ථ භාවිත හා යොදා ගන්නා නව තාක්ෂණ ක්‍රමවේද පිළිබඳව උසස් පෙළ විද්‍යා ගුරුවරුන් දැනුවත් කිරීමේ පුහුණු වැඩ සටහනක් පැවැත්වීය.

මෙම පුහුණු වැඩ සටහනට පහත දැක්වෙන පාඨමාලා (sessions ) ඇතුළත් විය.

කෘෂිකාර්මික කටයුතු කිරීමේ දී මුහුණ පෑමට සිදුවන පලිබෝධ උවදුරු (pest) , විවිධ රෝග හා රසායනික ක්‍රියාකාරිත්වයේ ඇතිවන වෙනස්වීම් (chemistry) පාලනය කිරීම, කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර භාවිතය. කෘෂිකාර්මික වාරි මාර්ග ක්‍රම හා ආරක්ෂිත ගෘහ යනුවෙන් හැඳින්වෙන (protected houses) බෝග වගා කිරීමේ ආරක්‍ෂිත ක්‍රමවේද භාවිතය, ‍ඩ්‍රෝන (Drone) තාක්ෂණය භාවිතා කිරීම සහ විද්‍යුත් බලයෙන් ජලය ඉසීමේ ක්‍රමවේද භාවිතයයි. (Electro Static Spraying (ESS)

හේලීස් සමාගමේ පුහුණුකරුවෝ නූතන කෘෂිකාර්මික භාවිතය පිලිබඳ දේශීය මෙන්ම විදේශීය පුහුණුවක් ලබා තිබේ. මෙම පුහුණුකරුවන් විදේශ රටවල පිහිටි සුප්‍රසිද්ධ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන සමාගම්වල සංචාරය කර ඒවායේ භාවිතා වන නූතන නිෂ්පාදන පහසුකම්, කෘෂිකාර්මික කටයුතු ගෝලීය මට්ටමින්, තිරසාර හා වාණිජ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ දී අස්වනු කළමනාකරණය කිරීම සඳහා භාවිතා කරන ප්‍රශස්ථ ක්‍රමවේද වැනි කරුණු අධ්‍යයනය කර උගත් කරුණු පිළිබඳ මෙම වැඩසටහනට සහභාගී වූ ගුරුවරු දැනුවත් කළහ.

මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූ බස්නාහිර හා උතුරු මැද පළාත්වල පාසල්වල සේවය කරන උසස් පෙළ විද්‍යා ගුරුවරුන්ට මෙම තාක්ෂණය පිළිබඳ න්‍යායාත්මක දැනුමට අමතරව එම නිෂ්පාදන සියැසින් දැක බලා ස්පර්ශ කර එමගින් හේලීස් සමාගම ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති නව යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණික ක්‍රමවේද පිලිබඳ සෘජු අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසුනි. ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර (Paddy Transplanters), ට්‍රැක්ටර් (Tractors), ජල සැපයීමේ ස්ප්‍රේ යන්ත්‍ර (Sprayers), අස්වනු නෙලීමේ (Combine Harvesters) හා ගොයම් පෑගීමේ යන්ත්‍ර (Paddy Threshers), තේ දළු නෙලීමේ යන්ත්‍ර (Tea Harvesters), ඩ්‍රෝන යානා (Drones), කාන්දු ජල සැපයීමේ ක්‍රමවේද(Drip Irrigation Systems) හා කිරි දෙවීමේ යන්ත්‍ර (Milking Machines) ක්‍රියාත්මක කර ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට අවකාශය සලසා දෙනු ලැබීය. ඊට අමතරව, පන්ති කාමරයේ පුහුණු වැඩසටහන පැවැත්වෙන අතර තුර බේයර් ක්‍රොප් සයන්ස් (Bayer Crop Science), ඩුපොන්ට් (DuPont), සින්ජෙන්ටා (Syngenta) සහ කුබෝටා (Kubota )වැනි ලෝක ප්‍රසිද්ධ බහු ජාතික කෘෂි නිෂ්පාදන සමාගම් පිළිබඳව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් ඔවුන් දැනුවත් කරනු ලැබිය.

කෘෂිකර්මය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවල නියැලී ලෝක ප්‍රසිද්ධ සමාගම් සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ගොවියන්ට ආරක්ෂා සහිත කෘෂි රසායන ද්‍රව්‍ය හා උසස් ප්‍රමිතියකින් යුතු නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම පිළිබඳ වසර 50කට වැඩි ඉතිහාසයක් හේලීස් සමාගමට තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ තිරසාර ප්‍රගතියක් ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඒ සඳහා යොදාගත හැකි ප්‍රශස්ථ කෘෂිකාර්මික භාවිත ගොවියාට හඳුන්වා දීමේ ගෞරවය හේලීස් සමාගම අත්පත් කරගෙන තිබෙන බව මෙහිලා සඳහන් කරන්නේ මහත් ආඩම්බරයෙනි. කෘෂි නිෂ්පාදනවල සශ්‍රිකත්වය (health) හා අස්වැන්න ප්‍රසස්ථ මට්ටමක පවත්වා ගැනීම පිණිස අවශ්‍ය උපදෙස් හා විසඳුම් ලබාදීම සහ කෘෂි රසායන භාවිතයේ දී සිදු විය හැකි පාරිසරික හානි වැළැක්වීම පිණිස ලේබලයේ අඩංගු උපදෙස් නිවැරිදිව පිළිපැදීමේ වැදගත්කම පිලිබඳ ගොවීන් දැනුවත් කිරීම වැනි පුළුල් සේවා දාමයක නියැලි ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ දැනුමක් ඇති ප්‍රබල කණ්ඩායමක් සමාගමේ සේවය කරන බව හේලීස් සමාගමේ කෘෂිකාර්මික මානව සම්පත් කළමනාකරණ අංශ ප්‍රධානී විජිත කුමාර මහතා සඳහන් කරයි.

කෘෂි නිෂ්පාදනයට සම්බන්ධවීමට කැමති ඉදිරි පරම්පරාව දිරිමත් කිරීම සඳහා පාසල් සිසුන්ට පුහුණුවක් ලබා දීමට හේලීස් සමාගමේ කෘෂිකාර්මික පුහුණුකරුවන් මහත් උනන්දුවකින් පසුවේ. “ඉදිරි පරම්පරාවට කෘෂිකාර්මික අංශයේ නියැලීමේ වැදගත්කම පෙන්වා දී, ඒ පිළිබඳ ඔවුගේ ධනාත්මක පෙළඹවීමක් ඇති කිරීම අපේ උත්සාහය වේ. මෙහිදී අපේ අරමුණ වන්නේ වගා කටයුතු කිරීමේ හා අස්වැන්න ලබා ගැනීමේ ප්‍රශස්ථ ක්‍රමවේද භාවිතා කිරීම මගින් අපට අවශ්‍ය කෘෂි බෝග, කෘෂි අස්වැන්නේ ගුණාත්මක බව ආරක්ෂාවන පරිදි අඩු වියදමකින් හා කාර්යක්ෂමව වගා කළ හැකි බව ඔවුන්ට අවබෝධ කර දීමය. කෘෂිකර්මයේ නියැලීම වඩා යහපත් අනාගතයක් උදාකර ගත හැකි විපුල ශක්‍යතාවක් ඇති ක්ෂේත්‍රයක් බව ඔවුන්ට පැහැදිලි කර දිය යුතුය. තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ ධනාත්මක පරිවර්තනයක් ඇති කර එය ආකර්ෂණිය කර්මාන්තයක්ය යන විශ්වාසය සිසුන්ට ගොඩනැගීම සඳහා කෘෂිකර්මය පිලිබඳ දැනුමක් සිසුන්ට ලබාදීමට අප අදහස් කරන්නේ එහෙයිනි” යනුවෙන් විජිත කුමාර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආසන්න වශයෙන් මිලියන දෙකක පමණ හෙවත් ශ්‍රම බළකායෙන් හතරෙන් එකක පමණ ජනතාවක් කෘෂිකාර්මික අංශයේ නියැලී සිටි. එනමුදු, ඉන් දළ ජාතික නිෂ්පාදිතයට ලැබෙන්නේ සියයට හතකට වඩා අඩු දායකත්වයකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුව වන්නේ විශාල ශ්‍රමිකයන් පිරිසක් කෘෂිකර්මයේ යෙදී සිටිය ද ඵලදාව ඉතා පහළ මට්ටමක පැවතීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොවියාගේ ආදායම අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර ඒ හේතුකොටගෙන ගොවියා සතු වෙළඳපොළ තුළ කේවල් කිරීමේ බලය සීමාවී තිබේ. මෙම ගැටලුව පිළිබඳ කරුණු දක්වමින්, ඊට විසඳුමක් ලෙස “ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂාකර ගැනීම පිණිස ඇති එකම විසඳුම වන්නේ වර්තමානයේ දී ලොව පුරා කෘෂිකාර්මික අංශයේ සිදුවෙමින් පවතින ශීඝ්‍ර වර්ධනයට අනුකූලව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනය ද වර්ධනය කිරීම බව” විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයේ පරිවර්තනයක් ඇති කළ හැකි කෘෂිකාර්මිකයන්ගේ ඊළඟ පරම්පරාවට නව දැනුම සම්ප්‍රේෂණය කළ හැක්කේ මෙවැනි පුහුණු වැඩසටහන් මගිනි.

මෙම පුහුණු පාඨ මාලාවෙන් විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකි වූ බවත් එම දැනුම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි යෙදීම සඳහා සිසුන් උනන්දු කිරීමට ප්‍රයෝජනවත් වන බව ඊට සහභාගී වූ ගුරුවරු ප්‍රකාශ කළහ.

“මෙය රටේ ප්‍රධාන අවශ්‍යතාවකි. ග්‍රාමීය තරුණ පිරිස් කෘෂිකර්මාන්තයෙන් දුරස් වෙමින් පවතින සමයක ඔවුන්ට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසය ගොඩනැඟිය යුතුය. එය ආරම්භ කළ යුත්තේ පාසල් මට්ටමෙනි” යනුවෙන් මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූ එක් ගුරුවරයෙක් ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න