ඇසිඩ් ප්‍රහාරයකින් දීපිකා විරූපී වෙයි | දිනමිණ

ඇසිඩ් ප්‍රහාරයකින් දීපිකා විරූපී වෙයි

දීපිකා පදුකෝන් මේ වසර ආරම්භ කළේ සංජේලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කර බාධක රැසක් මධ්‍යයේ තිරගත කළ 'පද්මාවත්' චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟින්.

කෙසේ නමුත් එහිදී ඇයට මරණ තර්ජන පවා එල්ල වුණා. මේ දිනවල දීපිකා සිය නවතම සිනමාපටයට සූදානම් වන බවත් ආරංචියි.

එය සත්‍ය සිදුවීමක් පාදක කොටගත් චිත්‍රපටයක් බවයි කියවෙන්නේ. 2005 වසරේදී වයස අවුරුදු 15ක් වූ ලක්ෂ්මි අගර්වාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්න නියමිතයි.

28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මී අගර්වාල් මේ වන විට ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරමින් සිටිනවා.

දීපිකා මෙම චිත්‍රපටය සමඟින් සිනමා දිවියේ තවත් පියවරක් තබන්නේ නිෂ්පාදනයට ද දායක වෙමින්.

බොලිවුඩ් සිනමාවට රහස් ඔත්තුකාරියක කැඳවා ගෙන එමින් 'රාසි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මේඝ්ණා ගුල්සාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න නියමිතයි.

(සරසවිය සිනමා පුවත්පත)

නව අදහස දක්වන්න