තෙඹුවන සැරයන්ට ඇප | දිනමිණ

තෙඹුවන සැරයන්ට ඇප

තමා විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් නිදහස් කිරීමට තෙඹුවන පොලිස් ස්ථානාධිපති, පියවර ගැනීම සම්බන්ධයෙන් උරණ වී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි සැරයන්වරයා ඇප මත මුදා හැරීමට අද නියෝග කළේය.

ඒ මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ නියෝගයකට අනුවයි.

රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත සැරයන්වරයා මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි. 

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුයේ පොලිස් සැරයන් සහන් ගුණවර්ධනය.

ඉකුත් 03 වැනිදා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.


නව අදහස දක්වන්න

Or log in with...