සතොස ඉහළ නිලධාරීන් 06කගේ වැඩ තහනම් | දිනමිණ

සතොස ඉහළ නිලධාරීන් 06කගේ වැඩ තහනම්

ව්‍යාජ සුදුසුකම් සහතික ඉදිරිපත් කිරීම සහ රුපියල් මිලියන 500ක මිලදී ගැනීම් සහ නිකුත් කිරීම්, ප්‍රධානීන්ට නොදන්වා සිදු කිරීම යන චෝදනා යටතේ, ලංකා සතොස ආයතනයේ ඉහල කළමනාකාරීත්වය විසින් එහි නිලධාරීන් 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙලෙස වැඩ තහනමකට ලක් කර ඇත්තේ, අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකරු ඇතුළු තවත් කළමණාකරුවන් තුන්දෙනෙකුගේය.

එමෙන්ම එම ආයතනයේ තවත් සහකාර කළමනාකරුවෙකුගේ ද වැඩ තහනම් කර ඇත.

ලංකා සතොස ආයතනයේ සිදුව ඇති බව පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාලවයි මොවුන්ගේ වැඩතහනම් කර ඇත්තේ.


නව අදහස දක්වන්න

Or log in with...