තෙබුවන නොසන්සුන් කලැයි සැරයන් රිමාන්ඩ් | දිනමිණ

තෙබුවන නොසන්සුන් කලැයි සැරයන් රිමාන්ඩ්

කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

ඒ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සිය බාරයට ගත් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ අදාළ පොලිස් සැරයන්වරයා ඊයේ පස්වරුවේ තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබුණි.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද දිනයේ මෙලෙස මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.


නව අදහස දක්වන්න