මහගමගේ ගාමිණී යළි රිමාන්ඩ් | දිනමිණ

මහගමගේ ගාමිණී යළි රිමාන්ඩ්

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයෙකු වන මහගමගේ ගාමිණී ලබන 09 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මහගමගේ ගාමිණී රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනිණ.

ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදිනට නිකුත් කිරීමට නියමිත බව ද සදහන්.

ජපානයෙන් ආනයනය කළ වසර 10කට වඩා පැරණි වාහන දෙකක් රේගු භාරයෙන් මුදා හැරීම සඳහා සැකකරු එම අල්ලස් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබී ය.

නව අදහස දක්වන්න