දසුන් මිය ගොස් වසරක් ගතවන තැන ශලනි ලියූ දේ | දිනමිණ

දසුන් මිය ගොස් වසරක් ගතවන තැන ශලනි ලියූ දේ

ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් මිය ගොස් අදට(25) වසරක් සපිරේ.

පසුගිය වසරේ දී ඔහු මිය ගියේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නවැතැනේ දී ගෙල වැළලා ගැනීමෙනි.

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇතිව තිබූ සිත් රිදීමක් මුල් කර ගනිමින් ඔහු මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි ව තිබුණි.

කෙසේ වෙතත් ඔහු තරුණියක සමග විවාහ ගිවිසගෙන සිටි බව ද වාර්තාවිය.

මෙම මරණය සිදුව වසරක් ගතවන අද දවසේ දී ජනප්‍රිය නිළි ශලනි තාරකා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේ ය .

එදත් අද වගේ වැහි දවසක්..,

සීතලට පොද ඉහින
මල් වැස්සේ නොතෙමීම
එදා මම කවි ලීවා
නුඹ ලගින් උන් නිසා
ලග ඉදන් නෙතු අයා
වැහි පොදින් හිත තෙමා
කවියකට හිත වැටිලා
නුඹත් මට පෙම් බැන්දා
 
එදත් අද වගේ වැහි දවසක්..,
සැර අකුණු හඩ ඇසී
හදවතම දෙදරැම් දෙද්දි
එදා මං කවි ලීවා
නුඹ මගේ නොවු නිසා
සැඩ සුලග හමාවත්
හද අදුර නෙමැකුනු නිසා
කවියටම හිත බැදිලා
නුඹ තවත් පෙම් බැන්දා
 
එදත් අද වගේ වැහි දවසක්..,
ඝන අන්දකාරයෙන්
ලොවම ගිල්වු එදා
කදුලු කවියක් කරම
මම නුඹට කවි ලීවා
මත්වෙලා ආදරෙන්
මගේ කවි නොඅසාම
කදුලකට තිත තියා
නොකියාම නුඹ ගියා
 
එදත් අද වගේ වැහි දවසක්..,
වැහි අදුරැ මැකිලා
හිරැ ඒවි එබීලා
ඒත් නුඹ නැති නිසා
හිත අදුරේ ගිලීලා
නිදන නුඹ ගැන සිතා
සැනසිල්ලේ ඇති කියා
මම තවම කවි ලියමි
ගිය නුඹට පින් පතා
 
~ශලනි~
 

අදහස් 2ක් ඇත

true love never dies

true love never dies

නව අදහස දක්වන්න