20 සංශෝධනයට එරෙහිව තවත් පෙත්සමක් | දිනමිණ

20 සංශෝධනයට එරෙහිව තවත් පෙත්සමක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

එම පෙත්සම ගොනුකර තිබුණේ රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින්.

මෙම සංශෝධනයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේ පසුගිය 07 වනදාය.

ජනතාව විමුක්ති පෙරමුණ පසුගිය 05 වනදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

නව අදහස දක්වන්න