මාංශපේශි දැඩි කිරීමේ පිළිනොගත් ක්‍රම | දිනමිණ

මාංශපේශි දැඩි කිරීමේ පිළිනොගත් ක්‍රම

යෝනි මාර්ගයේ මාංශපේශි දැඩි කර "තරුණ බවක්" ලබා ගැනීමේ අරමුණින් අනුගමනය කරන විවිධ ක්‍රම ගැන කාන්තාවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල පෞද්ගලික සායන ඔස්සේ කෙරෙන මෙම "චිකිත්සා" මගින් පිළිස්සුම් තුවාල, කැළල් පමණක් නොව කාලාන්තරයක් පවතින ශාරීරික වේදනා ද ඇති විය හැකි බව විශේෂඥයෝ පවසති.

මෙම ක්‍රියාවලිය තුළදී සාමාන්‍යයෙන් යෝනි මාර්ගය තුළට උපකරණයක් ඇතුළු කර යෝනියේ මාංශපේශි උණුසුම් කිරීමක් හෝ ලේසර් කිරීමක් සිදුවේ.

ශල්‍යකර්මයක් නොවන මෙය ඉතා කුඩා කාලයක් ඇතුළත සම්පූර්ණ කළ හැකි ක්‍රියාවලියක් වුවත්, එය බොහෝ විට අනාරක්ෂිත බව නිලධාරීහු පවසති.

ලේසර් කිරණ ඇතුළු බලශක්තිය යොදා ගනිමින් ක්‍රියාත්මක වන කුඩා උපකරණ යෝනි මාර්ගයේ ඇති පිළිකාකාරක සෛල සහ ලිංගාශ්‍රිත ඉන්නන් ඉවත් කිරීම සඳහා නිර්දේශ කර ඇතත්, තරුණ බවක් ලබා ගැනීම සඳහා කෙරෙන චිකිත්සා සඳහා එම උපකරණ අත්හදා බලා නොමැත.

ශ්‍රී ලංකාව තුළ ද විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ යෝනියේ මාංශපේශීන් දැඩි කර ගැනීමේ උපකරණ සහ එහි පැහැය වෙනස් කර ගැනීමේ ආලේපන විකිණීමට තිබෙනු දක්නට ලැබේ.

විවිධ රටවලින් ආනයනය කරන ලද බවට විස්තර කර ඇති මෙම භාණ්ඩ, කිසිදු වෛද්‍යවරයෙකු විසින් හෝ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිව යුතු ආයතනවලින් අනුමත කළ බවක් සඳහන් වී නොමැත.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න