පැපුවා නිව් ගිනියාවේ ෆේස්බුක් ගිණුම් මාසයක් තහනම් | දිනමිණ

පැපුවා නිව් ගිනියාවේ ෆේස්බුක් ගිණුම් මාසයක් තහනම්

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් තහනම් කිරීමට පැපුවා නිව් ගිනියා රජය තීරණය කර තිබේ.
 
ඒ, ව්‍යාජ ගිණුම්, අසභ්‍ය ඡායාරූප හා සාවද්‍ය පුවත් පළ කරන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට ය. දිනෙන් දින ඉහළ යන මෙවැනි ක්‍රියාකාරකම් ක්ෂණිකව පාලනය කිරීම, තම රජයේ වගකීමක් බව, එරට ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් සදහන් කර ඇත.
 
පැපුවා නිව් ගිනියාවේ දැනට අන්තර්ජාල පහසුකම් ඇත්තේ, ජනගහණයෙන් 10%කට වැනි පිරිසකට ය. ඉදිරියේ දී එය තවත් වැඩිවිය හැකි බැවින්, අන්තර්ජාල මින් අසභ්‍ය දර්ශන හුවමාරුවීම් හා සාවද්‍ය ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීමට එරට රජය පියවර ගෙන තිබේ.
 
ඉදිරියේ දී තමන්ගේම සමාජ මාධ්‍යජාලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අවධානය යොමුව ඇති බව පැපුවා නිව් ගිනියාවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇතැයි ද වාර්තා වේ.

නව අදහස දක්වන්න