අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට | දිනමිණ

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
 
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව සදහන් කළේය.
 
ඒ අනුව, 
 
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 යි
 
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 යි
 
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 119 යි 
 
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 109 යි 
 
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් දක්වාද මිල ගණන් ඉහළ දමා ඇත‍.

නව අදහස දක්වන්න