ගුවන් ගමන් කිහිපයක් අදත් ප්‍රමාද වන ලකුණු | දිනමිණ

ගුවන් ගමන් කිහිපයක් අදත් ප්‍රමාද වන ලකුණු

අද(04)  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා කිහිපයක් පැමිණිම සහ පිටත්විම ප්‍රමාද වන බව වර්තාවේ.

අද උදෑසන 04.15ට සෞදි අරබියේ ජෙඩාහි සිට පැමිණිමට නියමිතව තිබූ UL 282 දරණ යානය පැමිණිම අද පස්වරු 01.25 දක්වා ප්‍රමාද වී තිබේ.

උදෑසන 04.50ට චෙන්නායිහි සිට පැමිණිමට නියමිතව තිබූ  UL 127 දරණ යානය පැය දෙකක් ප්‍රමාද වන බවත් පෙරවරු 06.10ට ලාහෝර් සිට පැමිණිමට නියමිත යානය පෙරවරු 09.45ටත් එම වේලාවටම ග්වන්ෂු  සිට පැමිණිමට නියමිත යානය පස්වරු 01.20 දක්වා ප්‍රමාද වන බවද වර්තාවේ. 

එමෙන්ම අද පෙරවරු 07.35ට කොචි දක්වා පියාසර කිරිමට නියමිතව තිබූ යානය පස්වරු 12.30 දක්වා ප්‍රමාද වී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා  කිහිපකට ඇති වූ අනපේක්ෂිත සිදුවිම් හේතුවෙන් ඊයේ සිට ගුවන් ගමන් වාර කිහිපයක ප්‍රමද වීද සිදුව තිබේ.

මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානයක සිටි මගියෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ගුවන් යානය ඉන්දියාවේ කොචින් නුවරට ගොඩබැස්සවීමට සිදුවිමත්, කුවේටයේ සිට පැමිණි ගුවන් යානය දූවිලි කුණාටු තත්ත්වයට මුහුණදීම හේතුවෙන් ඉංජිනේරු සහය ලබා ගැනිමට සිදුවිමත් තවත් යානා දෙකක තාක්ෂණික දෝෂ මතුවිමත් එම ප්‍රමාදයන්ට හේතු වී තිබේ.


නව අදහස දක්වන්න